ඇමෙරිකාව විසින් ගුවන්ගත කළ නියමුවන් රහිත ඩ්‍රෝන් යානාවක් වෙඩි තබා බිම හෙළු බව සිරියා හමුදාව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙම යානාව බිම හෙලීම සිදුකර ඇත්තේ සිරියා ජනාධිපති බෂාර් අල් අසාඩ් ගේ බලකොටුවක් වු වයඹ දිග පිහිටි ලැටකියා නගරය ආසන්නයේදීය. 

ඇමරිකාව පවසන්නේ මෙම වාර්තාව පිලිබඳව විමර්ෂණය කරමින් සිටින බවයි.