නාවික භටයන් හය දෙනකු සහ නේපාල සහන සේවකයන් දෙදෙනකු සමග අතුරුදන්ව තිබූ ඇමෙරිකානු හෙලිකොප්ටරයේ කොටස් හමුවූ බව ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් එය ස්ථිර කළේය.
නේපාලයේ සහන සේවාවල නිරතව සිටින ඇමෙරිකානු බලඝනයේ අණ දෙන නිලධාරි නාවික ලුතිනන් ජෙනරාල් ජෝන් විල්සර් පවසන්නේ මේ අනතුරින් කිසිවකු ජීවතුන් අතර සිටිතැයි විශ්වාසයක් නැති බවයි. නේපාල ආරක්ෂක ලේකම් ෂ්වොරි පවුඩ්යාල් පැවසුවේ ගිනිගත් හෙලිකොප්ටරෙයේ සැකිල්ල සමග තිදෙනකුගේ සිරුරු හමුවී ඇති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පිරික්සුම් කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි. මේ හේතුවෙන් නේපාලයේ ඇමරිකානු නාවික බලඝනය විසින් සිදුකරණ මෙහෙයුම් කටයුතුවලට තරමක බාධාවක් සිදුවන බව ද හෙතෙම පැවසීය.
ඇමරිකානු හෙලිකොප්ටරය අනතුරට පත්ව ඇත්තේ නේපාලයේ ගෝතාලි ප්‍රදේශයේ අඩි 11200 ක් එනම් මිටර් 3400ක් ඉහළ අහසේ ගමන් කරණ විටදී බව නේපාල බ්‍රිගේඩියර් ජනරාල් බිනෝජ් බස්නෙට් පැවසීය. අතුරුදන් යූඑච් - 1 හුවේ හෙලිකොප්ටරයේ සැකිල්ල නේපාලයේ චැරිකොට් ප්‍රදේශයට සැතපුම් 8 ක් උතුරුදෙසින් වු කඳුකර පෙදෙසක තිබී හමුවු බව ඇමරිකානු ඒකාබද්ධ කාර්යය බලකාය ද සනාථ කලේය. කෙසේ නමුත් මලසිරුරු හමුවු බවක් පිලිබඳ ඇමෙරිකාවේ බලධාරීන් කිසිවෙක් මෙතෙක් ප්‍රකාශ කර නැත.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා යානයේ සුන්බුන් හමුවේ