ඔත්තු බැලීමේ යානා සිංගප්පූරුව වෙත යවන බව ඇමෙරිකාව නිවේදනය කැර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
චීනය දකුණු චීන අර්ධද්වීපයේ හිමිකම් පිළිබද කරනු ලබන බලපෑම් වැඩිවීම හේතුවෙන් ඇමෙරිකාව චීනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය හැදින්විය හැකි බව දේශපාලන විචාරකයෝ කියති.
ඇමෙරිකා ඔත්තු බැලීමේ යානා සහ ගුවන් හමුදා බලඇණි ජපානය සහ පිලිපීනයේ සිට දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඇමරිකාව චෝදනා කරන්නේ තම බල ඇණියකට ආසන්නයෙන් පසුගිය අගෝස්තුවේ දී චීන ජෙට් යානයක් අනතුරුදායක ලෙස පියාසර කර ඇති බවයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් සහ සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නග්ඉන්ජ් හෙන් අතර පසුගිය සඳුදා වොෂින්ටනයේ පැවැති හමුවීමේදී ඇති කරගත් ගිවිසුමට අනුව ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියාකිරීම සහ කාලගුණික ආපදා සඳහා සහයෝගිතාවය ලබා දීම ද ඇතුලත් වන බව නිවේදනය කර තිබේ.
චිනය පවසන්නේ දැනටමත් දකුණු චීන මුහුද හේතුවෙන් තමන් රටවල් කිපයක් සමගම දේශභූමික අරගල අරඹා ඇති බවයි. එම රටවල් අතරට වියට්නාමය,පිලීපීනය සහ මැලේසියාවද ඇතුලත් බව චිනය කියයි.
චීනය නැගෙනහිර චීන මුහුදේ ඇති දූපතක් සම්බන්ධයෙන් ජපානය සමග ද වෙනම ආරවුලක් ඇති කර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අනිවාර්යෙන්ම ඇමරිකා ආධිපත්‍ය පැවතිය යුතුයි.. නැතිනම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, කොමියුනිස්ට් ඒකාධිපතියන් හා වෙනත් බටහිර විරෝධී අන්තවාදී බලවේග ලෝකයේ බලය අල්ලා ගන්නවා...(බ)
නාමල් කියන්නේ ජාත්‍යන්තර දේශපාලනය තියා ලංකාවේ දේශපාලනයවත් දන්නැති කෙකෙක්ද කොහෙද (බ)
චිනත් එකයි ඉන්දියාවත් එකයි මුන් දෙන්නම බලාගෙන ඉන්නේ අපිව ගිලගන්න.අපිව ණය කාරයෝ කරගන්න. ණය කාරයෝ වුනාට පස්සේ ඒ අය කියන කියන දෙය කරන්න අපිට සිදුවෙනවා. අපිට කියලා ස්ථිර ආර්ථික,විදේශ ප්‍රතිපත්තීන් නැතිව වසර 5න් 5 ට ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල තමයි මේ. කොහොම නමුත් සිංගප්පුරුව කියන්නේ ස්ථිර ආර්ථික විදේශ ප්‍රතිපත්තියක් ඇති ආසියාවේ ධනවත් රටක්. (බ)
ඒකාධිපති චීනයට අවශ්‍ය නැගෙනහිර හා දකුනු ආසියානු රටවල බලය පතුරුවාගන්න. පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවලට කරන්න හදන්නෙත් අපිට කරන්න හැදුවෙත් ඒකයි. අපේ වාසනාවට ඉන්දියාව ඉක්මන් වුණා. ඒකාධිපති චීන ආක්‍රමණ වලට එරෙහිව ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව හා ජපානය යන ප්‍රජතන්ත්‍රවාදී වෙනත් කුඩා ආසියානු රටවලට උදව් කළයුතුයි (නි)
ඉන්දිකට පිස්සුද?කොමියුනිස්ට්වාදය ලෝකයෙන් තුරන්වෙන්නේ ඇමරිකාවේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයට ස්තූතිවෙන්න.. (නි)
ඉන්දිකට ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක පදිංචි වෙන්න බැරිවූ ඊර්ෂ්‍යාව වගේ. ඔබ වැනි ශ්‍රී ලාංකිකයන් මට හමුවී තිබෙනවා (නි)
නාමල්, මම ඔබ අනුමත කරමි. මේගොල්ලෝ හිතන තරම් චීනය අහිංසක නැහැ. (නි)
තමන් ඉන්න තැන නෙමෙයි අදහස හා ගුණාත්මකබවයි වැදගත් වෙන්නේ. නාමල්ට ලංකාවේ ඉපදුණු එකත් අඩුපාඩුවක් වගේ දැනෙනවා ඇති. ඔය ගතිය නවත්තලා පටු අදහස් කණ්ණාඩිය ගළවනතුරු ඔයාට මම කියන අදහස තේරුම් ගන්න බැහැ. (නි)
නාමල්ගේ ඇස නිලංකාර වෙලා ඇමෙරිකාවේ ප්‍රචාරණ යාන්ත්‍රණයට. එයා ලෝකේ බලන්නේ ඇමෙරිකන් පාට කන්නාඩියක් දාගෙන. එනිසා ප්‍රඥාව ගෙවිලා, ගිරවෙක් වගේ එකමදේ කියවනවා. (බ)
මානවී, එතකොට ඇමරිකාව අහිංසකද? අභය, ලෝකයේ ත්‍රස්තවාදීන් ඇතිකිරීමේ ප්‍රවීණයා චීනය හෝ රුසියාවද? නැත්නම් ඇමෙරිකාවද? (නි)
අභය, එක අන්තයක් තියන නිසා තම අනිත් අන්තය පවතින්නේ. අන්ත දෙක එකිනෙකට විරුද්ධයි වගේම එකක් නැතුව අනික පවතින්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඔය අන්ත දෙකම එකම කාසියේ දෙපැත්තක් බව. ඔයා එක අන්තයක් පෝෂණය කරන කොට, අනිත් අන්තය ඉබේම හැදෙනවා. අනිත් අන්තයේ ඇතිවීමට වක්‍රව ඔයා වග කියන්න ඕන. පුළුවන්නම් අන්ත දෙකම අත ඇරලා නිදහසේ ඉන්න. (බ)
නාමල් නම් මුල අමතක කෙනෙක් වගෙයි (නි)
නාමල් ඇමෙරිකාවට අවශ්‍ය මොකද්ද කියල හිතෙන්නේ නැද්ද?(ම)
නාමල් කියන්නේ මොකවත් නොදන්නා කෙනෙක් (බ)