ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා දෙකක් පැසිපික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී ඇත්තේ ඇමෙරිකාවේ එයා වින්ග් 17 බල ඇණියට අයත් එෆ්.ඒ. 18 වර්ගයේ යානා දෙකකි.
පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ තිබූ යූ.එස්.එස්.කාර්ල් වින්සන් නමැති නෞකාවෙන් මේ යානා ගුවන්ගත වූ බව ද පවසයි.
ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ එක් නියමුවකු දිවි බේරාගෙන ඇති බවයි. යානා ගුවන්ගත වූ නෞකාවට ඔහු ගෙනවිත් දැන් ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවත් අනෙක් ගුවන් නියමුවා හා අනතුරට පත්වූ යානා දෙකෙහි කොටස් සොයා පරීක්ෂණ දියත්කැර ඇති බවත් මාධ්‍ය වාර්තා පවසයි.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා යානා දෙකක් විනාශයි
ඉසුරන්දි Sunday, 14 September 2014 04:34 AM
ඇමෙරිකාවට දැන් අපල කාලයක්ද කොහෙද ලබල තියෙන්නේ. (අ)
සුනිල් මාපලගම Monday, 15 September 2014 01:14 PM
ඉසුරන්දි , ඇමරිකාවට අපල නෙමේ ඇමරිකාව නිසා මුළු ලෝකෙටම අපල කාලයක් දැන් ලබලා. ලෝකය පුරාම යුද්දය වපුරනවා , ත්‍රස්තයන් බිහි කරලා මුදල් දීල ආයුධ දීලා , පස්සේ ත්‍රස්තයන් ආපිට හැරිලා ගහනවා (නදී)
සුසන්ත සෝමවීර Monday, 15 September 2014 02:39 PM
මේ අවස්තාවේ අපි ඇමෙරිකාවට සහය පල කල යුතුයි. (නදී)
අනුර උපාලි හෙට්ටි ආරච්චි Monday, 15 September 2014 03:40 PM
අනුන්ට අටවන උගුලේ තමන් වැටෙන කාලය ලඟාවෙලා. (නදී)
අම්පාරේ දුමිත Tuesday, 16 September 2014 05:04 PM
එකම ගුවන් තොටක යානා 11 අතුරුදන් වෙද්දී යානදෙකක් සුළු දෙයක්නේ (දී)
දිනේෂා Wednesday, 17 September 2014 06:51 AM
රජකම් කලත් කළකම් පල දෙනවා කියන්නේ නිකන් නෙවේ කියලා දැන්වත් ඇමරිකාවට තේරෙනවද මන්දා (නදී)
රාසික් කටාර් Tuesday, 16 September 2014 10:46 AM
කල කලදේ පල පලදේ . කවුරුන්හෝ අනුනට ගින්දර දුන්නොත් කවදාහෝ දිනයක ඒ ගිනිදලු ඔහුගේ පැත්තටත් හැරෙනවාලු, නේද ?(දී)