ඇමරිකාවට අයත් යුද නෞකාවක් හා තෙල් නැවක් සිංගප්පූරුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් නාවුක භටයන් 10ක් අතුරුදන් වී ඇත.
අනතුරින් භටයන් පස්දෙනකුට තුවාල සිදු වී ඇති අතර ඔවුන් සිංගප්පූරුවේ රෝහලකට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානා සහ සිංගප්පූරු වෙරළාරක්ෂක භටයින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව පැවසේ.
තෙල් නැවේ සිටි කාර්යමණ්ඩලයට හානියක් සිදුවී නොමැති අතර නැවේ ඉදිරිපස කොටසට හානි සිදුවී ඇතත් තෙල් කාන්දුවීමක් නොමැති බව බලධාරීහු පවසති.
මෙය 2017 වර්ෂයේ සිදුවූ සිව්වන ඇමරිකානු නාවුක අනතුරයි.
(සීඑන්එන් පුවත් ඇසුරිණි -085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd