ඇමරිකා යුද හෙලිකොප්ටර් යානයක් දකුණු කොරියාවේදී කඩාවැටිමෙන් එහි නියමුවා සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලීසිය පවසන්නේ ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරය කඩා වැටී අත්තේ ගන්වොන්හි වුන්ජු දිස්ත්‍රික්කයේදී බවයි.

උතුරු කොරියාවට එරෙහි ඒකාබද්ධ ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයන් 28,500 ක් දැනට දකුණු කොරියාවේ ස්ථාන ගත කර සිටිති. 1950 – 53 කොරියන් යුද්ධයෙන් පසු නැවතත් උතුරු සහ දකුණු කොරියා අතර යුද්ධයක් හටගැනීමට ඇති ඉඩකඩ වැඩවෙමින් පවතින බව දේශපාලන  විචාරකයන්ගේ මතයයි.