ඇමෙරිකා ගුවන් හමුදා යානයකට හොරෙන් රිංගාගත් පුද්ගලයකුගේ මළ සිරුරක් යානයේ රෝද අතර තිබී හමුවී ඇත. අප්‍රිකාවේ රටවල් කිහිපයක පියාසරකර ජර්මනියේ ඇමෙරිකානු කඳවුරකට පැමිණි සී-130 යානයේ මේ සිරුර තිබිණි.
විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ මියගොස් සිටින පුද්ගලයා කළු ජාතික තරුණයකු බවයි. බොහෝ විට ඔහු අප්‍රිකානුවකු විය හැකි බව ද පැවසේ. දින අටක කාලයක් සෙනගාල්, මාලි, චැඩ්, ටියුනීසියා සසහ ඉතාලි ගුවන්තොටුපොළ කිහිපයක නවත්වා ඇති යානයට මේ තරුණයා ගොඩවූයේ කුමන ස්ථානයකින් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මේ පුද්ගලයාට මාරාන්තික එබෝලා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරීක්ෂා කිරිමෙන් පසු වෛද්‍යවරු පවසා ඇත්තේ මේ පුද්ගලයාට කිසිදු බෝවන රෝගයක් නොතිබූ බවයි. පෙන්ටගනයේ ආරංචිමාර්ග පවසන්නේ මේ මරණය හා මරණයට හේතුව සොයා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd