ජිනිවාහිදීය/මොස්කව් (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිතුරන් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදීහුද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වමින් අද (23) අදහස් දැක්වූහ. 

එම රටවල් සියල්ල ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය පළ කරමින් අදහස් දැක්වූයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින අවස්ථාවකදීය. 
 
ප්‍රංශය ද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය පළ කරන ඇමෙරිකාවේ මිත්‍ර රටවලින් එකක් වන අතර ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ දෙවැනි සැලැසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා විය. 
 
හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රධානත්වයෙන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තබන ලදි. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය, චීනය, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය මෙන්ම යුරෝපා හවුල ද එම ගිවිසුමට එක්වූහ. 
 
කෙසේ නමුත් වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළත් ඇමෙරිකාවේ මිත්‍ර රටවල් මෙන්ම ප්‍රතිවාදී රටවල් ද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඉදිරියටත් පැවැතිය යුතු බව දිගින් දිගටම අවධාරණය කළහ. 
 
ප්‍රංශය එලෙස ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු නොකළ යුතුය යන මතයේ සිටින ඇමෙරිකාවේ මිත්‍ර රටකි. 
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාද ඇතුළත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් අද (24) පැවැත්විණි. එහිදි ඇමෙරිකාවේ ප්‍රතිවාදී රටවල් පමණක් නොව මිත්‍ර රටවල් ද ඉරාන න්‍යෂ්ටික අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කරමින් ඊට පක්ෂව අදහස් දැක්වූහ. 
 
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට උත්සාහ කළහොත් එය නැවැත්වීමට චීනය එකඟතාව පළ කළ බව එරට සංචාරයක නිරත වී සිටින රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ පැවැසීය. 
 
055