අමෙරිකාවේ නිව්යෝක්හී මානසිකව රෝගී වූ කාන්තාවක(66) වෙඩි තබා ඝාතනය කළැයි කියන පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු මානසිකව රෝගී වූ කාන්තාවක පිළිබද ලද පැමිණිල්ලකට අනුව ඇගේ නිවසට ගොස් ඇත.

එහිදී ඔහුට බේස් බෝල් පිත්තකින් පහර දීමට එම කාන්තාව උත්සහ ගෙන ඇති අතර එහීදී ඔහු ඇයට වෙඩි තබා ඇත.මෙම සිදුවීමත් සමග එරට පොලිසියට දැඩි විරෝධයක් එල්ල වෙයි.ඔහු වසර අටක් පොලිස් සේවයේ සිටි අයෙකි.

මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බව නිව්යෝක් පොලිස් කොමසාරිස් ජේම්ස් ඕ‘නීල් පැවසීය.

“මේ අපි පුහුණු කරන විදිහ නෙමෙයි.අපි පුරුදු කරන්නේ අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරගෙන සේවය කරන්න.නැතුව ජීවිත නැති කරන්න නෙමෙයි.“ඔහු පැවසීය

ඔහු ස්වයං ආරක්ෂාව සදහා එම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ඇතැමුන් එම වෙඩි තැබීම දේශපාලන වාසි තකා විවේචනය කරන බව සමහර පොලිස් බලධාරීහූ කියති.