ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාහී සිදුවු වෙඩිතැබීමකින් එක් පොලිස් නිලධාරියකු මියගොස් එක් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළ රැඳී සිටින ලෙස පොලිසිය අනතුරු අඟවයි.ප්‍රදේශයේ මාර්ග ද පාසල් ද වසා දමා ඇතැයි එරට මාධ්‍ය පවසයි.

පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකා ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිදුකරන උද්ඝෝෂණ වලට සහභාගී වූ 124 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රචන්ඩ ක්‍රියා සහ ගැටුම් කිහිපයක් ද වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි.