බීජිංහිදීය (රොයිටර්)
 
ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙක අතර තිබෙන අර්බුදය තවත් උග්‍ර කරමින් චීනය ඇමෙරිකා එක්සත් නිෂ්පාදන 128ක් මත තීරු බදු පැනවීය.

මෙම බදු අද, සඳුඳා (3) වැනිදා සිට ක්‍රියාත්මක වේ. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය චීන වානේ සහ ඇලුමීනියම් මත බදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය මෙලෙසෙ ඇමෙරිකා අපනයනවලට බදු පැනවීය. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදයට වානේ සහ ඇලුමීනියම් අපනයන කරන ප්‍රධාන රටවල් අතරින්. ඇමෙරිකාව චීනයට අමතරව තවත් රටවල් කිහිපයකටද බදු පැනවීය. 
 
ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් වනුයේ ඇමෙරිකාව සහ චීනයයි. මේ අනුව චීනය ඇමෙරිකා ආනයන 128ක් මත සියයට 25ක් දක්වා වන බදු පනවා තිබේ. එම ආනයනවලට පළතුරු, වයින් සහ ශීතකළ ඌරු මස් ඇතුළු නිෂ්පාදන රැසක් අයත් වේ. 
 
චීනය පැනවු තීරු බදුවල ආසන්න වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට ආසන්න වන බව ද පැවසේ. 
 
055