ආරක්ෂාව සඳහා අවශ්‍ය පමණින් මුදල් වියදම් නොකරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (25) නේටෝ සංවිධානයේ රටවලට චෝදනා කළේය. ආරක්ෂාව සම්බන්ධයෙන් නේටෝ රටවල් දැනට කරන අවධානයට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එසේ නොකළහොත් මැන්චෙස්ටර් ප්‍රහාරය වැනි තවත් ප්‍රහාර එල්ල විය හැකි බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදි අනතුරු ඇඟවීය.
නේටෝ සංවිධානයේ නායකයන් ද සිටියදී බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති එම සංවිධානයේ රැස්වීමකදී ඇමෙරිකා නායකයා මෙලෙස චෝදනාත්මක ස්වරූපයෙන් කතා කළේය.
“නේටෝ සංවිධානයේ ඇතැම් සාමාජික රටවල් ඇමෙරිකාවට ඉතා විශාල මුදලක් ණයයි. ඒ වගේම නේටෝ සංවිධානයටත් ඔවුන් ණයයි” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදි කීය. නේටෝ සංවිධානයට සාමාජික රටවල් ස්වේච්ඡාවෙන් දායක මුදල් සපයයි.
බ්‍රසල්ස් නුවර නේටෝ සංවිධානයේ නව මූලස්ථාන ගොඩනැගිල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදයට 2011 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ප්‍රහාරය සිහි කරමින් ඉදි කළ ස්මාරකයක් විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබිණි. බටහිර රටවල් සිය එකමුතු බව ප්‍රදර්ශනය කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස ආරාධනා කර තිබූ අවස්ථාවක ඔහු එලෙස සාමාජික රටවලට චෝදනා කළේය.
“ත්‍රස්තවාදය නවතා දැමිය යුතුයි. එසේ නොවුණහොත් මැන්චෙස්ටර් වගේ බිහිසුණු සිදුවීම් අපට හැමදාමත් දකින්න වේවි” යැයි ඔහු එහිදි කීවේය. ඉකුත් සඳුඳා (22) මැන්චෙස්ටර් අරීනා හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළුව 22 දෙදෙනකු තුවාල ලැබූ අතර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
“ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී සෘජුවම මම මෙය කියනවා. නේටෝ සාමාජිකයන් සාධාරණ ලෙස ඔවුන්ගේ දායකත්වය සැපයිය යුතුයි. විශේෂයෙන්ම මූල්‍ය දායකත්වය සියලු දෙනාම සාධාරණව දැරිය යුතු” යැයි ද ඇමෙරිකා නායකයා එහිදි කීය.
(රොයිටර් ඇසුරිනි - 055)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd