IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා නායකයාගෙන් නේටෝ සාමාජිකයන්ට දොස්

ආරක්ෂාව සඳහා අවශ්‍ය පමණින් මුදල් වියදම් නොකරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (25) නේටෝ සංවිධානයේ රටවලට චෝදනා කළේය. ආරක්ෂාව සම්බන්ධයෙන් නේටෝ රටවල් දැනට කරන අවධානයට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එසේ නොකළහොත් මැන්චෙස්ටර් ප්‍රහාරය වැනි තවත් ප්‍රහාර එල්ල විය හැකි බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදි අනතුරු ඇඟවීය.

නේටෝ සංවිධානයේ නායකයන් ද සිටියදී බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති එම සංවිධානයේ රැස්වීමකදී ඇමෙරිකා නායකයා මෙලෙස චෝදනාත්මක ස්වරූපයෙන් කතා කළේය.

“නේටෝ සංවිධානයේ ඇතැම් සාමාජික රටවල් ඇමෙරිකාවට ඉතා විශාල මුදලක් ණයයි. ඒ වගේම නේටෝ සංවිධානයටත් ඔවුන් ණයයි” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදි කීය. නේටෝ සංවිධානයට සාමාජික රටවල් ස්වේච්ඡාවෙන් දායක මුදල් සපයයි.

බ්‍රසල්ස් නුවර නේටෝ සංවිධානයේ නව මූලස්ථාන ගොඩනැගිල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදයට 2011 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ප්‍රහාරය සිහි කරමින් ඉදි කළ ස්මාරකයක් විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබිණි. බටහිර රටවල් සිය එකමුතු බව ප්‍රදර්ශනය කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස ආරාධනා කර තිබූ අවස්ථාවක ඔහු එලෙස සාමාජික රටවලට චෝදනා කළේය. 

“ත්‍රස්තවාදය නවතා දැමිය යුතුයි. එසේ නොවුණහොත් මැන්චෙස්ටර් වගේ බිහිසුණු සිදුවීම් අපට හැමදාමත් දකින්න වේවි” යැයි ඔහු එහිදි කීවේය. ඉකුත් සඳුඳා (22) මැන්චෙස්ටර් අරීනා හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළුව 22 දෙදෙනකු තුවාල ලැබූ අතර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

“ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී සෘජුවම මම මෙය කියනවා. නේටෝ සාමාජිකයන් සාධාරණ ලෙස ඔවුන්ගේ දායකත්වය සැපයිය යුතුයි. විශේෂයෙන්ම මූල්‍ය දායකත්වය සියලු දෙනාම සාධාරණව දැරිය යුතු” යැයි ද ඇමෙරිකා නායකයා එහිදි කීය. 

(රොයිටර් ඇසුරිනි - 055)



අදහස් (0)

ඇමෙරිකා නායකයාගෙන් නේටෝ සාමාජිකයන්ට දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site