මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින පළමුවන ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එරට වීදි සංචාරය කරමින් සිටින අතරතුරදී කුඩා දැරියක එතුමන් අතටම ලිපියක් භාරදුන්නාය.
දැරිය පාප් වහන්සේ වෙත යාමට තැත් කරනු දුටු ආරක්ෂකයන් මුලදී ඇය වළක්වාලීමට තැත් කළත් පසුව පාප්තුමාගේ අනුමැතිය මත ඇයට ඉදිරියට යෑමට ඉඩ ලැබිණි.
ඇමරිකාවේ සිටින සංක‍්‍රමණිකයින්ට එරෙහිව කි‍්‍රයාත්මක වන නීති සංශෝධනය කිරීමට ඉදිරිපත්වන්නැයි එම ලිපියෙන් ඇය ඉල්ලා තිබිණ.
සොෆී කෲස් ලෙස හදුනාගෙන ඇති මෙම දැරිය ඇමරිකාවේ උපත ලැබුවාය. ඇයගේ දෙමව්පියෝ මෙක්සිකෝ ජාතිකයෝය.ඇමරිකා පොළවේ උපන් නිසා සොෆීට ඇමරිකා පුරවැසිකම හිමිවුවද ඇයගේ දෙමව්පියන්ට එය හිමි නැත.
ඇයගේ දෙමව්පියන් ඇතුළු තවත් සංක‍්‍රමණිකයෝ රැුසක් මෙනිසා සිටින්නේ ඇමරිකාවෙන් පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුණදී සිටිති. මෙයට මුහුණදීම සඳහා වෙනම සංවිධානයක්ද ඔවුන් පිහිටුවාගෙන සිටින අතර එහි කි‍්‍රයාකාරකම් නිසාවෙන්ම පිටුවහල් කිරීමේ නිීතිය තාවකාලිකව හකුළා ගැනීමට ඇමරිකා බලධරයින්ට සිදුව ඇත.
පසුව ඇමරිකා බිෂොප්වරුන් අමතමින් කළ විශේෂ දේව මෙහෙයකදී පාප් වහන්සේ මෙම සිදුවීම විශේෂයෙන් සිහිපත් කළහ.සංක‍්‍රමණිකයින් පිළිගන්නට බිය නොවන ලෙසත්,ඔවුනටද මෙලොව ඇති සම්පත් එකසේ භුක්ති විදින්නට අයිතිවාසිකම් හිමි බවත් එතුමෝ කීහ.
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2243
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකා දැරිය පාප්තුමාට දුක කියයි
නාලක Thursday, 24 September 2015 06:29 PM
නාමල්,අසරණ මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)
කිත්සිරි Friday, 25 September 2015 02:13 AM
පාප්තුමා බොහොම සංවේදී කෙනෙක් (නි)
නාමල් Thursday, 24 September 2015 11:43 AM
මේ දැරියගේ දෙමාපියන් අනවසරයෙන් ඇමරිකා, මෙක්සිකෝ දේශසීමාව හරහා ආපු අය ඇමරිකානු රජය බ්‍රිතාන්‍යට සාපේක්ශව අනවසර සන්ක්‍රමනිකයින් ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.. නමුත් රටක නීතිය නීතියමයි.. සංක්‍රමනික නීති මීට වඩා ලිහිල් කලොත් මුලු ලෝකෙම දුප්පතුන් ඇමරිකාවට පිරෙයි (හේ)
නිශාන්ත හේවා Thursday, 24 September 2015 02:33 PM
මම බෞද්ධ නමුත් මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක් (බ)
චන්දිමා Friday, 25 September 2015 04:21 AM
දෙවියන් වහන්සේගේ කැමැත්ත පාප්තුමා තුලින් ප්‍රකාශ වේ (අ)
ලංකාපුතා Thursday, 24 September 2015 07:20 AM
නව පාප් තුමා සැබෑවටම සුද්දවූ උතුමෙක් බවයි මගේ අදහස (අ)
සරු Thursday, 24 September 2015 07:22 AM
මම බෞද්ද නමුත් මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක් (අ)
ඩී.උපුල් Thursday, 24 September 2015 07:29 AM
වතිකානුව තමයි හොඳම තැන සංක්‍රමණිකයින්ට.(අ)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 September 2015 07:52 AM
බොහොම සංවේදිවූ දසුනක්. මගේ දෑසට කඳුළු ඉනුවා. (ම)