මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින පළමුවන ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එරට වීදි සංචාරය කරමින් සිටින අතරතුරදී කුඩා දැරියක එතුමන් අතටම ලිපියක් භාරදුන්නාය.
දැරිය පාප් වහන්සේ වෙත යාමට තැත් කරනු දුටු ආරක්ෂකයන් මුලදී ඇය වළක්වාලීමට තැත් කළත් පසුව පාප්තුමාගේ අනුමැතිය මත ඇයට ඉදිරියට යෑමට ඉඩ ලැබිණි.
ඇමරිකාවේ සිටින සංක‍්‍රමණිකයින්ට එරෙහිව කි‍්‍රයාත්මක වන නීති සංශෝධනය කිරීමට ඉදිරිපත්වන්නැයි එම ලිපියෙන් ඇය ඉල්ලා තිබිණ.
සොෆී කෲස් ලෙස හදුනාගෙන ඇති මෙම දැරිය ඇමරිකාවේ උපත ලැබුවාය. ඇයගේ දෙමව්පියෝ මෙක්සිකෝ ජාතිකයෝය.ඇමරිකා පොළවේ උපන් නිසා සොෆීට ඇමරිකා පුරවැසිකම හිමිවුවද ඇයගේ දෙමව්පියන්ට එය හිමි නැත.
ඇයගේ දෙමව්පියන් ඇතුළු තවත් සංක‍්‍රමණිකයෝ රැුසක් මෙනිසා සිටින්නේ ඇමරිකාවෙන් පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුණදී සිටිති. මෙයට මුහුණදීම සඳහා වෙනම සංවිධානයක්ද ඔවුන් පිහිටුවාගෙන සිටින අතර එහි කි‍්‍රයාකාරකම් නිසාවෙන්ම පිටුවහල් කිරීමේ නිීතිය තාවකාලිකව හකුළා ගැනීමට ඇමරිකා බලධරයින්ට සිදුව ඇත.
පසුව ඇමරිකා බිෂොප්වරුන් අමතමින් කළ විශේෂ දේව මෙහෙයකදී පාප් වහන්සේ මෙම සිදුවීම විශේෂයෙන් සිහිපත් කළහ.සංක‍්‍රමණිකයින් පිළිගන්නට බිය නොවන ලෙසත්,ඔවුනටද මෙලොව ඇති සම්පත් එකසේ භුක්ති විදින්නට අයිතිවාසිකම් හිමි බවත් එතුමෝ කීහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්,අසරණ මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)
පාප්තුමා බොහොම සංවේදී කෙනෙක් (නි)
මේ දැරියගේ දෙමාපියන් අනවසරයෙන් ඇමරිකා, මෙක්සිකෝ දේශසීමාව හරහා ආපු අය ඇමරිකානු රජය බ්‍රිතාන්‍යට සාපේක්ශව අනවසර සන්ක්‍රමනිකයින් ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.. නමුත් රටක නීතිය නීතියමයි.. සංක්‍රමනික නීති මීට වඩා ලිහිල් කලොත් මුලු ලෝකෙම දුප්පතුන් ඇමරිකාවට පිරෙයි (හේ)
මම බෞද්ධ නමුත් මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක් (බ)
දෙවියන් වහන්සේගේ කැමැත්ත පාප්තුමා තුලින් ප්‍රකාශ වේ (අ)
නව පාප් තුමා සැබෑවටම සුද්දවූ උතුමෙක් බවයි මගේ අදහස (අ)
මම බෞද්ද නමුත් මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක් (අ)
වතිකානුව තමයි හොඳම තැන සංක්‍රමණිකයින්ට.(අ)
බොහොම සංවේදිවූ දසුනක්. මගේ දෑසට කඳුළු ඉනුවා. (ම)