දකුණු කොරියාවේ ඇමරිකානු තානාපති මාර්ක් ලිපර්ට් සෝල් නුවරදී අද (05 දා ) පුද්ගලයෙක් විසින් එල්ල කරණ ලද පිහිපහරවලින් තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලිපර්ඩ් මහතා (42 ) මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ උදෑසන භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටින විටදීය. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුහණට සහ දකුණු අතට තුවාල සිදුවී තිබේ. කෙසේ නමුත් මෙම තුවාල හේතුවෙන් ඔහුට ජීවිත අනතුරක් නොමැති බවද සඳහන් වේ.
මෙම ප්‍රහාරය ඇසින් දුටුවෙක් පැවසුවේ 55 හැවිරිදි ප්‍රහාරකයා උතුරු දකුණු කොරියා එක්සත් කල යුතු යැයි කෑගසමින් සිටි බවයි. ආරක්ෂක නිලධාරින් විසින් මෙම ප්‍රහාරය එල්ල කරණ ලද තැනැත්තා දමනය කර අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු කොරියානු ජනාධිපති පාර්ක් ග්වුයින් හේ පවසා ඇත්තේ මෙම ප්‍රහාරය දකුණු කොරියාව සහ ඇමරිකාව අතර පවතින මිත්‍රත්වයට එල්ල කල ප්‍රහාරයක් බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා දුරකතනයෙන් ලිපර්ඩ් අමතා ඉක්මනින්ම යථා තත්වයට පත්වේවායි සුභ පැතු බව ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක බර්නාඩෙටී මීහන් පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා තානාපතිට පිහි ප්‍රහාරයක්
සිරි අයියා Saturday, 07 March 2015 10:11 AM
නිපුන් දන්නෙ නැහැ වගේ දකුණු කොරියාවෙදි බල්ලන්ට වෙන වැඩේ. (අ)
නිපුන් Friday, 06 March 2015 02:16 PM
ලංකාවේ අය මෙලෝ දෙයක් නොදැන කොමන්ට් දානවා... දකුනු කොරියාව උතුරු කොරියාවෙන් බේරිලා තියෙන්නේ ඇමරිකාවට පින්සිද්ධ වෙන්න... කොරියා ගියපු ඔනෑම කෙනෙක් දන්නවා උතුරු කොරියාවේ මිනිස්සුන්ට වඩා දකුනු කොරියාවේ බල්ලන්ටත් හොදට කන්න ලැබෙන බව...(නදී)
දුමින්ද Friday, 06 March 2015 04:20 AM
වෛරී වැඩවලට වෛරී පිළිතුරක්ද? (දිල් )
සොපී Saturday, 07 March 2015 04:02 PM
වපුරපු දේවල් කපා ගන්නවා වගෙයි. (ර)
ඇසළ Friday, 06 March 2015 06:05 AM
අනවශ්‍ය විදියට වෙන රටවල් වලට ඇගිලි ගහන්න ගිහින් ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.(දිල්)