දකුණු කොරියාවේ ඇමරිකානු තානාපති මාර්ක් ලිපර්ට් සෝල් නුවරදී අද (05 දා ) පුද්ගලයෙක් විසින් එල්ල කරණ ලද පිහිපහරවලින් තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලිපර්ඩ් මහතා (42 ) මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ උදෑසන භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටින විටදීය. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුහණට සහ දකුණු අතට තුවාල සිදුවී තිබේ. කෙසේ නමුත් මෙම තුවාල හේතුවෙන් ඔහුට ජීවිත අනතුරක් නොමැති බවද සඳහන් වේ.
මෙම ප්‍රහාරය ඇසින් දුටුවෙක් පැවසුවේ 55 හැවිරිදි ප්‍රහාරකයා උතුරු දකුණු කොරියා එක්සත් කල යුතු යැයි කෑගසමින් සිටි බවයි. ආරක්ෂක නිලධාරින් විසින් මෙම ප්‍රහාරය එල්ල කරණ ලද තැනැත්තා දමනය කර අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු කොරියානු ජනාධිපති පාර්ක් ග්වුයින් හේ පවසා ඇත්තේ මෙම ප්‍රහාරය දකුණු කොරියාව සහ ඇමරිකාව අතර පවතින මිත්‍රත්වයට එල්ල කල ප්‍රහාරයක් බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා දුරකතනයෙන් ලිපර්ඩ් අමතා ඉක්මනින්ම යථා තත්වයට පත්වේවායි සුභ පැතු බව ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක බර්නාඩෙටී මීහන් පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිපුන් දන්නෙ නැහැ වගේ දකුණු කොරියාවෙදි බල්ලන්ට වෙන වැඩේ. (අ)
ලංකාවේ අය මෙලෝ දෙයක් නොදැන කොමන්ට් දානවා... දකුනු කොරියාව උතුරු කොරියාවෙන් බේරිලා තියෙන්නේ ඇමරිකාවට පින්සිද්ධ වෙන්න... කොරියා ගියපු ඔනෑම කෙනෙක් දන්නවා උතුරු කොරියාවේ මිනිස්සුන්ට වඩා දකුනු කොරියාවේ බල්ලන්ටත් හොදට කන්න ලැබෙන බව...(නදී)
වෛරී වැඩවලට වෛරී පිළිතුරක්ද? (දිල් )
වපුරපු දේවල් කපා ගන්නවා වගෙයි. (ර)
අනවශ්‍ය විදියට වෙන රටවල් වලට ඇගිලි ගහන්න ගිහින් ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.(දිල්)