යේමනයේ හමුදා මෙහෙයුම්වල නිරත නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ඊයේ (18) අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කරගෙන එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
යේමනයේ සානා අගනුවරට නුදුරින් පිහිටි කඳුකර ප‍්‍රදේශකට එම ප‍්‍රහාරය එල්ල වූ බව යේමන ආරක්ෂක අංශ පවසයි.
අසුබ් අල් අලි කාන්තාර ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටි රථයකට පළමු ප‍්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් සිවිල් වැසියෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දෙවැනි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ කාන්තාරය ආසන්නයේ පිහිටි ගම්මානයකටය. ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.