ඇෆ්ගනිස්ථාන හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අයකුගේ වෙඩිප්‍රහාරයකින් ඇමෙරිකාවේ හමුදා ජනරාල්වරයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ නේටෝවට අයත් ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා හමුදාවේ සේවය කළ ජනරාල් හැරල්ඩ් ජේ. ග්‍රීන් නමැති අයෙකි. ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකිනි.
ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මේ ඝාතකයා ත්‍රස්තවාදියකු බවයි. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන හමුදාවේ සොල්දාදුවකු විසින් තැබූ වෙඩි පහරකින් මේ ඝාතකයා ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දයක ආනිසංශ...මේවා අකල් මරණ..(අ)
මැරුම් කන්න මොකටද දෙයියනේ ගියේ ... ලස්සන රටක් තියෙද්දී .....(අ)
ජීවිතය අනියතය. මරණය නියතය. කොතරම් ලොකු ප්‍රභලයකු වුවත්, මරණය ආවිට කොහේ කොතනකදී හෝ එය වැළඳ ගන්නට වෙනවා (නි)
කණගාටුයි! (නි)
ඇෆ්ගනිස්ථාන් වලට වෙලා තියෙන්නේ ලොකුම ශාපයක්. බාමියන් පිළිම විනාශ කළ පාපය කවදා ගෙවලා ඉවර කරන්නද? (නි)
පියල් එතුමාගේ රැකියාව! ආරක්ෂක සහයෝගීතා හමුදාවේ සේවය කළ ජනරාල් හැරල්ඩ් !! (නදී)