ඇමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්පට සෙත් පතා ඉන්දියාවේ දේව පුජා පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
දිල්ලියේ පැවැත්වූ මෙම පූජාව සංවිධානය කර ඇත්තේ හින්දු සේනා නම් කණ්ඩායමක් විසිනි.
ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්පට සහය වීමට හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ ට්‍රම්ප්ගේ ස්ලාම් අන්තවාදී විරෝධී ප්‍රතිපත්තියයි. ලොව පුරා පැතිරී යන අන්තවාදී ත්‍රස්තවාදයට එකම විසදුම ඔහු බව එම සංවිධානය පවසයි.
එමෙන්ම එම කණ්ඩායමේ නායකයා පවසා ඇත්තේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා බේරාගත හැකි එකම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා ජනපති අපේක්ෂකට ඉන්දියාවේ පිරිසක් සෙත් පතති
මදු Friday, 13 May 2016 07:04 AM
මේ ගමන ඇති වෙන්නම දෙන්න ට්‍රම්ප් මහත්තයෝ. නියම කොන්දක් තිබෙන නායකයෙක් (නි)
ලලිත් Friday, 13 May 2016 01:26 AM
බළල්ලු ලවා කොස් ඇට බාවන්න යන්නේ මොකටද? ඔය උත්සාහ කරන්නේ වෙන වැඩකට. ට්‍රම්ප් ඡන්දෙන් දිනුවොත් පෝලිමේ එයි අපි ඔයාට උදවුකළා කියලා විසා ඉල්ලන්න. ඔය රටේ කට්ටිය හිතන්නෙම එයාලට තියෙන මොළේට වඩා අඩුවෙන් තමයි ලෝකේ හැමෝටම මොළේ තියෙන්නේ කියලා. (නි)
ජයතිලක Sunday, 15 May 2016 10:29 AM
මෙයා දිනයි කියලා මම නම් හිතන්නේ නැහැ. සමහරවිට හිලරි සහ බිල් ක්ලින්ටන් යුවල ඇමරිකානු වාර්තාවක් තියයි. පළමු ඇමරිකානු ජනාධිපති වූ පළමු යුවළ සහ පළමු ඇමරිකානු ජනාධිපතිනිය වූ කාන්තාව නිසා. (නි)
කරුණාජීව Sunday, 15 May 2016 10:38 AM
ලංකාවේ වගේම සෙට් එකක් ඇමරිකාවෙත් ඉන්නවා වගෙයි. (නි)
බෙන්තර මහේෂ් Saturday, 14 May 2016 04:13 AM
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙත් මේතාක් හිටිය ඇමෙරිකන් ජනපතිවරු වර්ගයේම හෝ ඊටත් වඩා භයානක අයෙක්. ජනපති වෙන්න කලින්ම වර්ගවාදය ඇදලා අරගෙන බලය ලබාගන්න උත්සාහ කරනවා නම් බලය ලබුනහමත් මේ වගේ රටේ ලෝකේ ගැටළු හැම එකක්ම වර්ගවාදය භාවිතයෙන් යටපත් කරන්න උත්සාහ කරයි. (නි)
ඉසුරන්දි Saturday, 14 May 2016 05:04 AM
හේතු කාරණා කෙසේවෙතත් එතුමාව වෙන රටක පිරිසකගේ ඇගයීමකට ලක්වෙන්නේ එතුමාගේ තිබෙන යම් හැකියාවක් හේතුවෙන් වියහැක. (නි)