ඇමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්පට සෙත් පතා ඉන්දියාවේ දේව පුජා පැවැත්වූ බව  එරට මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලියේ පැවැත්වූ මෙම පූජාව  සංවිධානය කර ඇත්තේ හින්දු සේනා නම් කණ්ඩායමක් විසිනි.

ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්පට සහය වීමට හේතුව වශයෙන්  දක්වා තිබෙන්නේ ට්‍රම්ප්ගේ ස්ලාම් අන්තවාදී විරෝධී ප්‍රතිපත්තියයි.  ලොව පුරා පැතිරී යන  අන්තවාදී ත්‍රස්තවාදයට එකම විසදුම ඔහු බව  එම සංවිධානය පවසයි.

එමෙන්ම එම කණ්ඩායමේ නායකයා පවසා ඇත්තේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා බේරාගත හැකි එකම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි.