බීජිංහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේදී දෙරට අතර එක්සත් ජනපද ඩොලර් බිලියන 250ක වටිනාකමින් යුතු ව්‍යාපාරික ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. කෙසේ නමුත් පසුගිය ගිවිසුම් නැවත අලුත් කළේද හා අලුතින් අත්සන් අත්සන් කළ ගිවිසුම් මොනවාද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවීය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා චීනයට පැමිණියේ බදාදා (8) දිනයේදීය. ඇමෙරිකා ජනාධිපතිවරයා චීනයේ සිටින අවසාන හා දෙවැනි දිනයේදී එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් එම කරුණු කීය. එහිදි ඉහත ගිවිසුම්වලට අත්සන් තබන ලදි.
ඒ අනුව ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අත්සන් තබන ලද ව්‍යාපාරික ගිවිසුම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 253.4ක් විය.
මෙහිදි ට්‍රම්ප් ඇමෙරිකා-චීන වෙළෙඳ හිඟය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. එය ඒකපාර්ශවීය හා අසාධාරණ වෙළෙඳාමක් යැයි ද ට්‍රම්ප් පැවැසීය. එහි වගකීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති පරිපාලන බාරගත යුතු බව ද හෙතම කීය.
ජනපති ධුරයට පත්වීමට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම චීනයට චෝදනා කළේය. චීනය ඇමෙරිකාවේ රැකියා සොරකම් කරන මුදල් හසුරුවන්නකු යැයි ද ට්‍රම්ප් චෝදනා කළේය. එහෙත් ඔහු අද (9) ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක් දැරීය.
“මම චීනයට බනින්නේ නැහැ. තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් තවත් රටකින් ප්‍රයෝජන ගන්නා රටකට චෝදනා කරන්න පුළුවන් කාටද. මම චීනයට ගෞරවය දෙනවා” යැයි ද ඇමෙරිකා ජනපති ව්‍යාපාරික ප්‍රජාව හමුවේ කීය.
(055)



2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා - චීනය අතර ඩොලර් බිලියන 250ක ගිවිසුම්
kanchana Friday, 10 November 2017 01:44 PM
ගොඩක් හොදයි ලෝක බලවතුන් සමගි වෙන එක
ravin Saturday, 11 November 2017 02:54 AM
කපන්න බැරි අත සිඹින එක තමා හොඳ....