පසුගිය අඟහරුවාදා (27) ඇමෙරිකාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියන් 23 දෙනකු ඝාතනය වී බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
මියගිය අයගෙන් වැඩි පිරිස කාන්තාවන් හා දරුවන් වන බවද ඔවුහු සඳහන් කරති.
හැමන්ඩ් පළාතේ ඇමරිකානු හා ඇෆ්ගනිස්ථාන හමුදා එක්ව සිදු කල මෙහෙයුමකදී මොවුන් ඝාතනය වී තිබේ.
ගවේෂකයින් පවසන්නේ දරුවන් 10 දෙනකු සහ කාන්තාවන් 8 දෙනෙකු මෙසේ මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධ සෙවුම් කටයුතු සිදුකරමින් පවතින බව ඇමරිකානු හමුදා පවසයි.
(බීබිසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කොටි සාමාන්‍ය දෙමළ වැසියන් ලක්ෂ 3ක් බලෙන් හිරකරගෙන හිටියා. අපේ හමුදාව තමන්ගේ ජිවිතත් පූජාකරලා එයින් 292000ක් බේරාගත්තු එක අමතක කරලා ඇමරිකාව අපිට චෝදනා කරනවා අපි සිවිල් වැසියෝ මැරුවා කියලා. එහෙම කියන ඇමරිකාව මෙතන නිකම්ම සිවිල් වැසියන් 23ක් මරලා. ඒවාට මුකුත් කතා නැහැ...