ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ ඉරාන නිලධාරීන් අතර න්‍යෂ්ටික වැඩසටහනේ තුන්වන වටයේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණි.

ඇමෙරිකාව චෝදනා කරන්නේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, විනාශකාරී අවි නිපදවන බවටය. දිගු කාලීනව පවතින අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමණින් සාකච්ඡා පැවැත්වෙයි.

සාකච්ඡා අවසන් වීමෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සාකච්ඡා පැවැත් වුවත්, තවමත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟාවකට අවතීර්ණ කළ නොහැකි බවය.