ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර චෙල්සියා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අහමඩ් ඛාන් රහමානි (28) නම් අයකු සොයන බව නිව්යෝර්ක් පොලිසිය පවසයි.

ඔහු ඇමෙරිකාවේ ඇෆ්ගන් වැසියෙකියි පොලිසිය කියයි. සැකකරුගේ ඡායාරූපයක් එරට පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළේය.

මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කූමෝ පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරයට ත්‍රස්තවාදී සම්බන්ධයක් ඇතැයි සැක කරන බවයි. මෙම පිපිරවීම පිළිබඳව විදේශ සම්බන්ධයක් සොයා ගත හොත් එය ද පුදුමයට කරුණක් නොවන බවත් ඔහු කීවේය.

නිව්යෝර්ක් හා නිව්ජර්සි ප්‍රාන්තවල කුඩා ත්‍රාස්ත කණ්ඩායම් සිටිය හැකි බව බලධාරීහු විශ්වාස කරති.

ස්ථාන තුනේම පිපිරුණු බෝම්බ එකම ක්‍රමයකට සකසා ඇතැයි පොලිසිය කියයි.