ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට වෙනිසියුලාවට පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලමින් එරට විපක්ෂයේ ආධාරකරුවන් අද (12) වීදිවලට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කර සති තුනකට පසු එම රැළි පැවැත්වීමට නියමිතය.
වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මදුරෝ පසුගිය වසරේ දී ජනාධිපති ධුරයට නැවැත තේරී පත්වීම වංචාවක් යැයි චෝදනා කරමින් විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ජනවාරි මාසයේදී තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් රැසක් යුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස පිළිගෙන ඇති නමුත් රුසියාව සහ චීනය ඊට විරෝධය පළ කර ඇත. මදුරෝට රුසියාවේ සහ චීනයේ සහාය හිමිවන අතර වෙනිසියුලාවේ ආරක්ෂක අංශ සහාය දක්වන්නේ ද ජනාධිපති නිකොලස් මදුරෝටය.
විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝගේ ඉල්ලීම පරිදි වෙනිසියුලාවට ආධාර එවීමට බටහිර රටවල් එකඟත්වය පළ කළ අතර ඒ ප්‍රවාහන පහසුකම් සපයන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.
කෙසේ නමුත් වෙනිසියුලාවේ කිසිදු අර්බුදයක් නැතැයි ද ඇමෙරිකාව රටට හමුදාව එවීමට සූදානම් වන බව ද මදුරෝ කීවේය. අසල්වැසි රටවලින් වෙනිසියුලාවට ඇතුළු විය හැකි සියලු ස්ථාන අවහිර කිරීමට මදුරෝ පියවර ගත්තේය. ඒ අනුව ආධාර රැගත් ට්‍රක් රථ අසල්වැසි කොලොම්බියාවේ රැඳී සිටින බව ද වාර්තා වේ.
“අපි වීදිවලට පැමිණෙනවා. මානුෂීය ආධාරවලට රට තුළට පැමිණීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් අපි වීදිවලට පැමිණෙනවා. වෙනිසියුලා ජාතිකයන් 300,000කගේ ජීවිත ආරක්ෂා කළ හැකි මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට රටට පැමිණීමට නොහැකි වී තිබෙනවා” යැයි යුවාන් ගුවයිඩෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකා ආධාර ගන්න අවසර දෙන්නැයි ඉල්ලා වෙනිසියුලාවේ විපක්ෂයේ ආධාරකරුවෝ විදී බසිති