
‘ඇමෝනියා’ විෂ වායු සිලින්ඩර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක් සර්බියාවේ ‘පොයිරෝ’ නමැති නගරය ආසන්නයේ පීලි පැනීමකට ලක් විය.
දුම්රිය පීලි පැනීමෙන් ‘ඇමෝනියා’ විෂ වායු සිලින්ඩරවලට හානි සිදුවුණු අතර ඇමෝනියා වායු කාන්දුවක් හටගත්තේය.
ඇමෝනියා වායු ආඝ්‍රාණය වී, විෂ වීමෙන් 51 දෙනකු රෝහල් ගත කර ඇතැයි සර්බියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
පීලි පැනීමට ලක්වූයේ අසල්වැසි බල්ගේරියාවේ සිට ධාවනය වෙමින් තිබුණු විෂ වායු සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න වූ විශේෂ දුම්රියක් බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd