ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අද සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර තුනකින් පුද්ගලයන් 34 දෙනකු මියගොස් අවම වශයෙන් 50ට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාද්‍ය පවසයි. ඉරාක අගනුවර පනවා ඇති ඇඳිරිනීතිය අවසන්වීමට පැය කිහිපයකට පෙර මේ බෝම්බ පිපිරීම සිදුව ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.