IMG-LOGO

ඇන්ඩෲ කුමරුට තනතුරු අහිමි වෙයි

ලිංගික අපහරණ චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ සිවිල් නඩුවකට මුහුණ දෙන බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුන් ඔහුට හිමි සියලු රාජකීය සහ හමුදා තනතුරවලින් ඉවත් කිරීමට එලිසබත් මහ රැජින තීරණය කර ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

61 හැවිරිදි ඇන්ඩෲ කුමරුන් යනු දෙවැනි එලිසබත් මහ රැජිනගේ දරුවන් තිදෙනාගෙන් තුන්වැන්නා වන අතර දෙවැනි පුත්‍රයාය. රාජකීය සහ හමුදා තනතුරවලින් ඉවත් කිරීමට සිදුවන බව දැනුම් දුන් අවස්ථාවේදී ඇන්ඩෲ කුමරු රැජිනගේ තීරණයට කිසිදු විරෝධයක් නොදක්වා ඊට හිස නැමූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් එල්ල වන ලිංගික අපහරණ චෝදනා සියල්ල කුමරු ප්‍රතික්ෂේප කර ඇත.
ඇන්ඩෲ කුමරු ඇමෙරිකානු ධන කුවේරයකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ සමීපතම මිතුරෙක් විය. එප්ස්ටීන් ලිංගික වහල් සේවයක් පවත්වාගෙන ගියේ යැයි චෝදනා ලැබූවෙකි. එප්ස්ටීන් සමඟ පැවැති සමීප මිතුදම් නිසා තමන් අමාරුවේ වැටුණු බව ඇන්ඩෲ කුමරු පවසා ඇත.

ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණු ජෙෆ්රි එප්ස්ටීන් බන්ධනාගාරගතව සිටිද්දී දිවි නසා ගත්තේය. ඒ, 2019 වසරේදීය. එප්ස්ටීන්, 17 හැවිරිදි යුවතියක ඇන්ඩෲ කුමරුන්ට ලබා දුන් බව පැවැසෙයි. කුමරුන්ට එරෙහිව ඇමෙරිකන් අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කළේ වර්ජිනියා ජුෆ්රේ නමැති එම තැනැත්තියයි.

වර්ජිනියා ජුෆ්රේ මේ වනවිට 38 හැවිරිදි වියෙහි පසුවන අතර, ඇය මෙම සිවිල් නඩුව ගොනු කර තිබෙන්නේ මීට වසර 21 කට පෙර ඇන්ඩෲ කුමරුන් තමන්ට ලිංගික අපයෝජනයක් කළේ යන චෝදනා සම්බන්ධයෙනි.
ඇන්ඩෲ කුමරු වසර 22 ක් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවෙකු ද වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඇන්ඩෲ කුමරුට තනතුරු අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site