දිගින් දිගටම එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින්, තමන් තම රාජකීය පදවි නාම සහ ගෞරව නාම භාවිතය අත්හැරීමට තීරනය කළ බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු පවසා ඇත.

යෝක්ර් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබ සිටින ඇන්ඩෲ කුමරු, දෙවැනි එලිසබත් මහ රැජිනගේ දෙවැනි පුත්‍රයා සහ තෙවැනි දරුවාය. වත්මන් බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන චාල්ස් රජු එලිසබත් මහ රැජිනගේ වැඩිමල් දරුවා මෙන්ම පළමු පිරිමි දරුවා ද වෙයි.

ලිංගික අපරාධකරුවකු ලෙස සැලකෙන ඇමෙරිකන් ජාතික ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා පිළිබඳ චෝදනා දිගින් දිගටම කරළියට පැමිණීමත් සමග තමන් මෙසේ තස රාජකීය පදවි නාමයන් සහ ගෞරව නාමයන් අත්හරින බව පවසා ඇත.

(බීබීසී)