IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇන්ජොලීනා හිටිහැටියේ යුක්රේනයට

සම්මානනීය ජනප්‍රිය හොලිවුඩ් නිළියක මෙන්ම, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ විශේෂ නියෝජිතවරියක ද වන ඇන්ජොලීනා ජෝලී පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය.

46 හැවිරිදි ජෝලී සමඟ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ නියෝජිතයන් කණ්ඩායමක් ද කීව් අගනුවර බලා පැමිණි අතර, ඔවුන් පැමිණෙන බව දැන සිටියේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනකු පමණි.

ඇන්ජොලීනා ජෝලීගේ යුක්රේන සංචාරයට ප්‍රසිද්ධියක් ලබා නොදුන් බව පැවැසෙන්නේ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි.

රුසියන් හමුදා මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වෙමින් සිවිල් වැසියන් රැඳී සිටින්නේ උමං දුම්රිය ස්ථානවලය. කීව් අගනුවර උමං දුම්රිය ස්ථාන ද සිවිල් වැසියන්ගෙන් පිරී පවතී. ජෝලී එම උමං දුම්රිය ස්ථාන වෙත ගොස් උන්හිටිතැන් අහිමිවුණු යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බැලීමට අමතක නොකළාය.

රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් මිලියන 12.7 ක් පසුගිය මාස දෙකක කාලයේ යුක්රේනයෙන් පලා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

ජෝ ලී කීව් අගනුවරට පැමිණ උන් හිටිතැන් අහිමි වුණු යුක්රේන වැසියන්ගේ සුබ දුක් විමසීමට යද්දී කීව් ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමේ නළා නාද කරන්න විය. ඒ, රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් නගරය දෙසට එල්ල වෙනවා යැයි බියක් හටගත් බැවිනි.

ආරක්ෂක නිලධාරීහු කඩිමුඩියේ ජෝලී කීව් අගනුවර භූගත බංකරයකට ගෙන ගොස් ඇයට ආරක්ෂාව ලබා දුන්හ. එම සිද්ධියේ වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(ඒ.එෆ්.පී)



අදහස් (0)

ඇන්ජොලීනා හිටිහැටියේ යුක්රේනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site