ඇමරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේය.
ඔහු තමන්ව පණපිටින් ගිල ගැනීමට ඇනකොන්ඩාවෙකුට ඉඩ දුන්නේය.
ඇනකොන්ඩාගේ ආහාරය බවට පත්වීමට ප‍්‍රථමයෙන් ඔහු කාබන් තන්තු වලින් තැනූ ශක්තිමත් මුත් ඉතා නම්‍යශීලී වන සංයෝගයෙන් තැනූ ඇඳුමක් ඇඟලා ගත්තේය.ඇනකොන්ඩා තමන් වෙත කැඳවා ගැනීමට සූකර ලේ වලින් හොද හැටි ස්නානය කළේය.
ඇනකොන්ඩා ඔහු සොයා පැමිණියේය.ඔහු වටා දගර ගැසී ඔහුව ගිලගත්තේය.
අනතුරුව සිදුවන දෙය බලාගැනීමට වන්නේ මේ සිදුවීම පාදක කර තනා ඇති ඉදිරියේදී ඩිස්කවරි නාළිකාව ඔස්සේ විකාශය වීමට තිබෙන ‘‘ඊට්න් අලයිව්‘‘ නම් වාර්තාමය වැඩසටහනකිනි.
තවමත් ජීවතුන් අතර සිටින පෝල් තමන් ලැබූ අත්දැකීම වචන වලින් විස්තර කළ නොහැකි බව කියයි.කාබන් තන්තු වලින් තැනූ ඇඳුම නිසා ඔහුට කිසිත් හානියක් සිදුව නොමැත.
මේ ඇඳුමේ පැය 3 කට පමණ සෑහෙන ඔක්සිජන් සැපයුමක්,කැමරා ආදී උපකරණද සවිකර තිබී ඇත.එම කැමරා වලින් ලබාගත් දර්ශන වාර්තා වැඩසටහනේදී දැකබලා ගත හැකි වනු ඇති බව පොල් පවසයි.
පෝල් ගිලගත් ඇනකොන්ඩාවා අඩි 25 ක් පමණ දිගින් හා රාත්තල් 400 ක් පමණ බරින් යුතුය.ඇමසන් වනයෙන් හමුවූ මෙම ඇනකොන්ඩාවා සොයාගැනීමට පෝල් ඇතුළු පිරිවරට මාස ගණනාවක් වනය පීරීමට සිදුව තිබේ.
තමන් මෙවැනි දෙයක් සිදුකළේ මිනිසුන්ගේ අවධානය මේ සතුන් ආරක්ෂා කිරීම කෙරෙහි යොමුකිරීමට බව පෝල් කියයි.
ඇනකොන්ඩාවන් යනු වඳවී යෑමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව කොට්ඨාශයකි.මිනිස් ක‍්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ නිජබිම් අහිමිව යමින් තිබීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතා ගන්නත් අමාරුයි. මොන තරම් නිර්භීත කෙනෙක් ද? (ර)
නියමයි (නදී)
මේ ලොකේ පුදුම මිනිස්සු තමයි ඉන්නේ.(හේ)
වෛද්‍ය විද්‍යාව හදාරනකොට සත්තුන්ව කපන්ට සිද්ද වෙනවා නේද ? එටකොට එකත් සත්ව හිංසාවක් නෙවෙයිද? (දිල්)
මෝඩ මිනිසුන්ගේ ක්‍රියා කලාපය නේද මේවගෙන් හෙළි වෙන්නේ (දිල්)
ලෝක වාර්තාවක්. (ර)
මොනවා කියනවද කියා හිතාගන්නවත් බැහැ. හිතනකොටත් පිස්සු වගේ (නදී)
අසරණ සතාට ගිලින්න දීලා ඊටපස්සෙ උගේ බඩ පලලා එළියට එන එකෙන් කොහොමද සතුන්ට සෙතක් වෙන්නේ? (නි)
මට නම් විශ්වාසයි මෙයා මේ සතාව මරලා තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ.නැත්නම් මෙය එළියට ආ විදිහත් කියනවානේ! (නි)
දැන් එතකොට මෙයාගේ ක්‍රියාව කරලා එළියට ආවේ සතා පන පිටින්මද? අනිවාර්යයෙන් මරන්න වෙනවා ඇතිනේ. එතකොට එතනම එකෙක් ඉවරයි. නියමයි. වඳවීයෑමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්වයෝ බේරගන්න අඩි 25 දිග රාත්තල් 400 ඇනකොන්ඩා කෙනෙක් මරාදැමීම. (නි)
ඉතින් ඕකට කැමරාවක් විතරක් යැව්වා නම් හරි නේ. (ර)
මේක නම් අදහාගන්නත් අමාරුයි
අපේ ලංකාවේ සාර්ථකව ඇනකොන්ඩ පැටව් බෝකරනවා දැක්කහම අපිව බිය වැද්දීමටත් ඔවුන්ගේ තාක්ෂණය ඉතා ඉහල බව පෙන්වීමටත් තමා මේ ඇනකොන්ඩගේ බඩට ගිහිල්ල ඇවිත් තියෙන්නේ. මේවා විදේශීය අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. (ත)
ඇනකොන්ඩා ගිල්ලට පස්සේ වමාරනවා එ්කවත් දන්නේ නැති ගොන් පැටව් ලංකාවේ ඉන්නේ. බඩ කපාගෙන ආවලු. (නදී)
සුබපතනවා. නියම වැඩක් (නදී)
හොඳම අදහස අජිත් කරුණාරත්නගෙන් (නි)
ජීව විද්‍යාත්මක සොයාගැනීම් වලට අලුතින් යමක් එකතු කරන්නට ඔබ ගත් උත්සාහයට මගේ ප්‍රණාමය! (නි)
මේකෙ කියන්නෙ නැහැනේ උෟ මැරුවා කියලා. එහෙම හිතාගෙන සිද්ධිය විවේචනය කිරීම බොහොම වැරදියි. මෙවැනි දෙයකට ඉදිරිපත් වුණ පරිසරවේදියෙකුගෙන් ඒක කොහෙත්ම වෙන්නෙ නැහැ. (නි)
ගොඩක් පරිසරවේදීන් කියන විදිහට නම් මෙයා මේ කරපු වැඩේ එච්චර හොද දෙයක් නෙවෙයි. මේ දේ නිසා මේ සතා මිය යන්නත් තිබුනා. මේක මේ සත්තුන්ට ආදරෙන් කරපු දෙයක් නෙවෙයි. තමන්ගෙ වැඩසටහන මාර්කට් කරන්න කරපු වැඩක්. (ර)
අනිවාර්යයෙන් සතාගෙ බඩ කපලා තමා එන්න ඇත්තෙ. පෙනෙන්නේ නැද්ද අතේ පිහියක් තියෙනවා? (නි)
ඌට කැමරාව ගිල්ලුවා නම් ඉවරනේ මස් කෑල්ලක දාලා! (නි)
සතා පණපිටින් හොඳින් ඉන්නවා (නි)
මෙයා කරලා තියෙන්නේ නම් නිර්භීත ක්‍රියාවක්. ඒත් සතාට මේ නිසා හිරිහැරයකුත් වෙනවා. (නි)
ඉතින් ඕකට කැමරාවක් විතරක් යැව්වා නම් හරි නේ. (නදී)
එයාට ඇනකොන්ඩාගේ බඩේදී කැමරාව හසුරවන්න පුළුවන් උනාද? ඉතින් එලියට ගත්තේ කොහොමද.? මේක මේ සතාට කල සත්ව හිංසනයක් නෙමෙයිද? (ර)
මෙයා තමන්ගේ කැමැත්තෙන්ම ජීවිතය බිල්ලට දීලා. මොනවද දන්නේ නැහැ දැක්කේ ! (නි)
බන්දුල හරි. දර්ශනට පිස්සුද? මොකටද මෙහෙම දේවල්? (නි)
ඇත්තටම මෙම පුද්ගලයා මේ කරපු ක්‍රියා දාමය වටිනාකම කියලා නිම කරන්න බැ. මොකද මෙවැනි අත්දැකිමක් ලබාගන්න අපිට කවදාවත් දකින්නවත් ලෑබෙන්නේ. අපි නොදන්න දේවල් ඉගෙනගන්න අපිත් ගොඩක් හොයනවා. මෙහෙම මිනිස්සු ගොඩක් වටිනා අය. තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. (ර)
ඇනකොන්ඩා ගොදුර වමාරනවා. ටිකක් දැනගෙන කතාකරන්න (නි)
ඇනකොන්ඩා දැක්කහමත් බය හිතෙනවා (නි)
ඇනකොන්ඩා තමා ගිල දමපු ගොදුර අායේ වමාරනවා එතකොට තමයි මෙයා එලියට එන්නේ (නදී)
දර්ශනට පිස්සුද මන්දා. මට නම් ඔහු කළ කාර්යයේ විශේෂත්වයක් නැහැ. (නි)
මේ මොන බොරු වැඩක්ද? ලංකාවට ඇවිල්ල මාස හයක් ජීවත් වුනානම් ඇනකොන්ඩ ගේ බඩට ගියාම දැනෙන සනීපෙ හරියට දැන ගන්න තිබුනා. මොකද? මෙහෙ හරියට ඇනකොන්ඩලා ඉන්නවා ,(හේ)