මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත.
පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සොයා ගනු ලැබුවේ නිරන්තරයෙන් මව්කිරි දීම මගින් අවුරුදු තුනට අඩු ළදරුවන්ගේ ඇදුම රෝගය සෑදීමට ඇති අවදානම සියයට 37 කින් කපා හැරිය හැකි බවයි.
වයස අවුරුදු හත හෝ ඊට වැඩි ළමයින්ට කුඩාකළ මව්කිරි දී තිබුණේ නම් ඇදුම රෝගි තත්වය ඇතිවිමේ අවධානම සියයට 17 කින් අඩු බව තහවුරු කරගෙන ඇත.
බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සෆොල්ක් මණ්ඩපය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇමරිකානු වසංගත රෝග සඟරාවේ මේ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කැර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සමහර අම්මලා ලස්න නැති වෙයි කියලා කිරි දෙන්නේ නෑ. ඉපදිච්ච ගමන් බෝතලයක් කටේ ගහනවා. ඊට පස්සේ ළමයා තනියම කාමරයකට දානවා. ආය අම්මා කෙනෙක් ගන්නවා ළමට කිරි පොවන්න. අම්මා බායි හායි කියාගෙන වැඩට යනවා. ආයම්මා ළමයගේ කිරි එකත් බීලා. නිදා ගන්නවා. නෝනා එනකොට ආයම්මාගේ අතේ ළමයා. දුප්පත් අය නම් කිරි දෙනවා. එනිසා ලෙඩ අඩුයි. ඒත් සල්ලී නෑ. බෝතලේ දෙන අයට සල්ලි වැඩියි. ලෙඩවැඩියි.(ස)
මව්කිරි හැදෙන්නේ දරුවන් වෙනුවෙන් තමයි. ඉතින් එය ඇදුමට විතරක් නොවෙයි දරුවාගේ සියලුම රෝග වලට ඖෂධයක්. (ස)
නවතම සොයා ගැනීමක් ! චිනේ මව්කිරි වලින් සබන් නිපදවන එක. (ස)