තමන් ගොදුරු කරගැනීමට පැමිණි සිංහදේනුවන් 14 දෙනෙකු හා සටන් වැද දිවි ගලවා ගැනීමට තරුණ ඇත් පැටවෙක් සමත් විය.

සැම්බියාවේ දකුණු ලූගන්වා ජාතික වනෝද්‍යානයේ සිටි සංචාරකයින්ගේ කැමරා ඇසෙහි මේ දුර්ලභ දසුන සටහන් වුනි.

තම පිට මත නැගීගෙන නියපහුරු මසට කාවද්දමින් වියරුවෙන් මෙන් හැසිරෙන සිංහ දේනුවන් ගසා දමමින්, ඔවුන්ට හොඬවැලෙන් හා පාදවලින් ප්‍රහාර එල්ල කරමින් ඇත් පැටවා විනාඩි 3 ක් පමණ කාලයක් ගත කළේය.

සිංහදේනුවන්ද සටන අත්හැරියේ නැත.

හදිසියේම ඇත්පැටවාට ගණ දෙවි නුවණ පහළවූ සෙයක් පෙනුනි.වහ වහා අසළ වූ දියවළ වෙත දිවගිය ඇත් පැටවා එහි ගිලූණේය.

එසේ වුවද සිංහදේනුන්ගෙන් ඇතැම්හු දියේ කිමිද ගොදුර කරා ළගා වීමට උත්සාහ කළහ.නමුත් එය සාර්ථක නොවූ තැන ඔවුහු පසුබැස්සහ.

දියවළෙන් නැගිට ගත් පැටවා කන්පෙති සලා කුංචනාද කොට තම ජයග්‍රහණය පෙන්වා සිටියේය.සිංහදේනුවෝ පරාජිතව එදෙස බලා සිටියහ.

1415810803904_wps_37_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803920_wps_38_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803931_wps_39_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803940_wps_40_PIC_FROM_NORMAN_CARR_SAFA 1415810803948_wps_41_PIC_FROM_NORMAN_CARR_SAFA 1415813103940_wps_60_Lions_v_elephant 1415813123499_wps_66_Lions_v_elephant