ජිහාඞ් ජොන් නම් අයිඑස් සංවිධානයේ කූප‍්‍රකට අලූගෝසුවා කුවෙට් රාජ්‍යයේ උපත ලැබ පසුව බි‍්‍රතාන්‍යයට පැමිණ එරට පදිංචිව තිබෙන මොහොමඩ් එම්වාසි නම් පුද්ගලයෙක් බව හඳුනාගැනීමට ඇමරිකා හා බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ අවසානයේ සමත්ව තිබේ.
අයිඑස් අන්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටින විදේශ සිරකරුවන් මුදා ගැනීමට කප්පම් මුදල් ගෙවීම එම පුද්ගලයින් අයත් රටවල් ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ඔවුන්ව ප‍්‍රසිද්ධියේ මරා දමන්නේ ජිහාඩි ජොන්ය.මේ වන විට දෙඅතේ ඇගිලි හා සමාන ගණනක් පුද්ගලයන් ජිහාඩි ජොන්ගේ පිහියට බිලිව ඇත.
ජිහාඩ් ජෝන් යනු මෙම අලූගෝසුවාව හදුන්වාදීමට බටහිර මාධ්‍ය යොදාගත් නමකි.ඔහු ඉංගී‍්‍රසි ඌරුවකින් බස හැසිරවීමට ඊට ප‍්‍රධානම හේතුවයි..
ජිහාඩ් ජොන් හෙවත් මොහොමඞ් එම්වාසි පාසැල් සමයේ ඉතාම සාමකාමී හා මිත‍්‍රශීලී පුද්ගලයෙකු බව ඔහුගේ සමකාලිනයෝ කියති. තම මිතුරා අයිඑස් සංවිධානයේ දරුණුතම අලූගෝසුවා යැයි අනාවරණයවී තිබීම හමුවේ ඔවුන්ද සිටින්නේ කම්පනයට පත්වය.
ජිහාඩි ජොන්ගේ පවුලේ තොරතුරුද මේ වන විට සොයාගෙන තිබෙන අතර ඔහුගේ පියා ලන්ඩන් නුවර කුලී රථ රියදුරෙක් ලෙස සේවය කරන බවත් පවුලේ සහෝදරියන් දෙදෙනෙක්ද සිටින බවත් හෙළිව තිබේ.
ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ අනන්‍යතාව සඟවන බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ ඔවුන් හා කළ සාකච්ඡා වලින් පසු දැනගැනීමට හැකිවූ ආකාරයට මොහොමඞ් එම්වාසි වෙනස්වීමට පටන්ගෙන ඇත්තේ ඔහු වෙස්මිනිස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ දිනයේ සිටය.වෙස්මිනිස්ටර් විශ්වවිද්‍යාලය විප්ලවවාදී ඉස්ලාමික අදහස් වල තිඹිරි ගෙයක් යැයි හදුනාගෙන තිබෙන්නකි.
පසුව ඔහු විනෝද චාරිකාවක යන්නේය කියා සෝමාලියාව බලා පිටත්ව ගොස් ඇත.කතාව වෙනස් මුහුණුවරක් ගන්නේ මෙතැන් සිටය.
බි‍්‍රතාන්‍යයේ නිල බුද්ධි සේවය වන එම්.අයි 5 එම්වාසිගේ කි‍්‍රයාකාරකම් ගැන සැලකිල්ලෙන් සිට ඇතැයි තොරතුරු හෙළිව තිබේ.ඔහු සෝමාලියාවට යෑම වළක්වමින් කටයුතු කර තිබෙන එම්.අයි 5 එහි සේවයට පැමිණෙන්නැයි එම්වාසිට බලකර තිබෙන බවද සදහන් වේ.
ඒ සියල්ල ඔහු ප‍්‍රතික්ෂේප කර ඇත.නමුත් තත්ත්වය කෙතරම් දුරට වර්ධනය වූයේද යත් ඔහු නිවසට පැමිණි විටද නොයෙක් නිලධාරීන් ඔහු හමුවට පැමිණෙමින් ඔහුට තර්ජනය කරද ඇත.
මේ සියල්ලෙන් ගැලවීමට පියාගේ උපදෙස් මත ඔහු තම නම මොහොමඞ් අල් ආයන් ලෙස වෙනස් කර තිබේ.
පසුගිය 2013 වර්ෂයේ ඔහු හදිසියේම නිවසින් අතුරුදන්ව ඇත.සොයාබැලීම් වලදී හෙළිව තිබෙන්නේ මොහොමඞ් සිරියාව බලා ගොස් තිබෙන බවය.
ජිහාඩ් ජොන් යන පුද්ගලයා කරළියට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය.
මෙතෙක් කල් රහසක්ව පැවති ජිහාඩ් ජෝන්ගේ අනන්‍යතාව දැන් අනාවරණයව තිබෙන හෙයින් ඔහු සොයා පරීක්ෂණ කටයුතු සිදුකිරීම පහසුවනු ඇතැයි විශේෂඥයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියඵ මානව වර්ගයාට හිංසා පීඩාකරන සංවිධාන අන්තර්ජාතික ලෙස තහනම් කළයුතුය. ලොව බිහිවන සියඵම සත්වයන්ට ඡීවත්වීමේ අයිතිවාසිකම ලබාදිය යුතුය යන්න පිළිගන්නා ආගම් පමණක් අන්තර්ජාතිකව ආගම් ලෙස පිළිගත යුතුය. (නි)
ඇමරිකාවට දන්නේ අනුන්ගේ කුණු හොයන්න (නදී)
තිලක් -ඩුබායි, මොලේ අමාරුවක් තියේද ඔහෙට?(නදී)
මරණ දඬුවම ඇති රටවල අලුගෝසුවෝ මීටවැඩිය මිනිස්සු මරන්න ඇති (නි)
මේ අළුගෝසුවා එහෙනම් ඉක්මනින් අල්ල ගන්න පුළුවන් වෙයි.(හේ)
අන්තවාදී නායකයෝ බොරු සාධාරණ හේතු පෙන්නලා තමන්ගේ ආත්මාර්ථකාමී අදහස් ඉටු කරගන්න ඉත්තෝ කරගෙන බිල්ලට දෙන්නේ හොද හිත ඇති කොල්ලන්ව තමයි .(හේ)
හුසේන් නිකන් අනුන් පිට වැරදි පටවන්න එපා. ලෝකේ තියෙන හැම යුද්දෙකටම මුල අන්තවාදය නේද? (නදි)
ඔය අළු ගෝ සුවන් බිහි කලේ කව්ද (නදී)
මේ සංවිධානය දැන් ඇමරිකාවට සහ බටහිර රටවලටම පරා වළල්ලක් වෙලා , (දිල්)
සෝමාලියානු කැරලි කරුවන්ට, අයි.එස් වැනි ලොව බිහිසුණු ත්‍රස්ත සංවිදාන වලට ගිනි අවි සහ කුඩු බෙදා පොහොසත් වුනු අපේ දේශප්‍රේමින්ටත් ඉදිරිය හොඳ වෙන්නේ නැහැ. දැනටමත් මේ ගැන පරීක්ෂණ සිදු කරමින් පවතිනවා කියල අන්තර්ජාලය පෙන්වල දෙනවා. (නදී)
සෝමාලියානු කැරලි කරුවන්ට,අයි.එස් වැනි ලොව බිහිසුණු සංවිධාන වලට ගිනි අවි සහ කුඩු බෙදා පොහොසත් වුණුඅයට නම් හොදක් වෙන්නේ නෑ (දිල්)
ඔය කියන අයි.එස් අන්තවාදයත් ව්‍යාප්ත කරේ අල්කයිඩාව හදා පෝෂණය කරපු රටවල්ම තමයි. ලෝකය තමන්ට රිසිසේ හසුරුවන්න ඕනෑම කුපාඩි වැඩක් කරන්න ඔය රටවල් පැකිලෙන්නේ නැහැ. (අ)