නින්දෙන් ඇවිද කුස්සියට වැදී නිදන ගමන්ම ආහාර අනුභව කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි.
සාමාන්‍ය මිනිසෙකු දිනකදී ගන්නා ආහාර ප්‍රමාණය ඇය එක් නින්දකදී අනුභව කරන බව සදහන්වේ.
දරු තිදෙනෙකුගේ මවක් වන ලෙස්ලි කුසාක් (55) තමාට නින්ද හා බැදුණු මේ පුරුද්ද වසර 30 ක් පුරා පවතින්නක් බව කියන්නීය.ඇතැම් අවස්ථාවන්හි කෑම පමණක් නොව අතට අසුවන කුමක් හෝ කා දමා ඇති අවස්ථාද තිබූ බව ඇය පවසයි.
මේ පුරුද්ද නිසා ඇයගේ බරද රාත්තල් කිහිපයකින්ම වැඩිවී ඇත.බර අඩු කර ගැනීමට ඇය ප්‍රදේශයේ පිහිනුම් සංගමයකට බැදී පිහිනීමට පුරුදු වෙමින් සිටින්නීය.කිහිප වරක් වෛද්‍ය උපදෙස් අනුගමනය කළද ඒ කිසිවෙකින් පලක් නොවූ බව ඇය පවසන්නීය.
‘‘මගේ ගෙදර දොරවල් සියල්ලකට පාහේ අනතුරු හැගවීමේ නළා සවිකරලයි තියෙන්නේ.ඒ කවුරුන් හෝ රැයේ දොරක් ඇරියොත් නාද වෙන ලෙසට.උදේ නැගිටල බලද්දි ඒ සියල්ලම ක්‍රියාවිරහිත වෙලා.පස්සේ තමයි හෙළි වුනේ මම නින්දෙන් ඇවිදිනකොට ඒවත් ක්‍රියාවිරහිත කරනවා කියලා.පහුගිය කාලය පුරාම මම නැගිටිද්දි හිටියේ කුස්සියේ.කෑම හැමතැනම.මේ පහුගිය දවසක වැටි දත් කිහිපයකුත් කැඩිල තිබුණ.ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නැහැ‘‘කියන්නී ලෙස්ලිය.
නින්ද ආශ්රිත සංකූලතා ගැන පර්යේෂණ පවත්වනා වෛද්‍ය පෝල් රීඩින්ග් නින්දෙන් ඇවිදින්නන් බොහෝ අවස්ථාවන්හිදී නින්දෙන්ම ආහාර ගන්නා බව සදහන් කරයි.ඇතැමුන් නින්දෙන්ම ආහාර පිස ඇති සිදුවීම්ද වාර්තා වී ඇතැයි ඔහු පවසයි.ලෙස්ලිගේ මේ නින්දෙන් ඇවිදීමේ පුරුද්ද මැඩ පැවැත්වීමට නම් යහපත් ආහාර පුරුදු ඇතිකර ගැනීම හා නිවැරදිව වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආහාර ගන්නෙත් නින්දෙන්
රොසෙල් Friday, 26 April 2013 11:24 PM
ඕක මොකක්ද? අපේ රටේ අපි ජීවත් වෙන්නම නින්දේ. අවුරුදු හයකට සැරයක් ඇහැරිලා කතිරේ ගහලා ආයේ නිදාගන්නවා (නි)
සිල්වා - පැරිස් Friday, 26 April 2013 03:57 PM
මධු, මට ඕනෑම අවස්ථාවක ඇමරිකාවට යන්න පිලිවන් .ඔබ හිතන තරම් සුන්දරත්වයක් එහි නැත.(මෙම කොලමට අදාල නැති මුත් මෙය මධුට පිලිතුරකි.)(නදී)