බොලිවුඩ් සුරූපිනී ආලියා බාත් කොරෝනා ආසාදියකු බව තහවුරු වී තිබේ.
ඉන්දීය මාධ්‍ය මේ බව තහවුරු කළේ සමාජ මාධ්‍ය හරහා ආලියා තැබූ සටහනක් ද ප්‍රසිද්ධියට පත් කරමිනි.
‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වුණා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා පවසා තිබේ.
ආලියා පසුගිය දිනවල මුම්බායි නුවර ජන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූවාය.
අධ්‍යක්ෂ ජන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය.
එපමණක් නොව, ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. ඒ, පසුගිය මාර්තු මාසයේය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අපේ ධම්මික පැණි බීවා නම් මෙහෙම වෙන්නේ නැහැ.