
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරී සමීර් වන්කඩේ එම විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සමීර් වන්කඩේ විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇත්තේ විමර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙද්දීය. එම අනාවරණයත් සමඟ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ඇමැතිවරයකු ද ෂාරුක් පුතු ආර්යන් අත්ඩඅංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සමීර් වන්කඩේ විවේචනයට ලක් කළේය. මුම්බායි යනු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවරය.
ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ සාක්ෂිකරුවකු ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් සමීර් වන්කඩේ විමර්ශනවලින් ඉවත් කළේ යැයි අනාවරණය වී තිබේ. මුම්බායි මත්ද්‍රව්‍ය කාර්යාංශය, මුලින් සාක්ෂිකරුවකු ලෙස නම් කළ ප්‍රභාකර් සේල් නැමති එම සාක්ෂිකරු පවසා ඇත්තේ ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 25 ක කප්පමක් ලබා ගැනීමට මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරීන් උත්සාහ කළ බවය.
එම කප්පම් මුදලින් රුපියල් කෝටි අටක් සමීර් වන්කඩේ වෙත ලබාදීමට සැලසුම් කර තිබූ බව ප්‍රභාකර් සේල් හෙළි කර තිබේ. සමීර් වන්කඩේ සම්බන්ධයෙන් විවේචන සහ චෝදනා එල්ලවීම ඒ අනුව ආරම්භ විය.
පසුගිය ඔක්තෝබර් මුලදී ආර්යන් ඛාන් මුම්බායි කෲස් නෞකාවදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ, ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිසිවක් හමු නොවුණු නමුත්, සමීර් වන්කඩේ ප්‍රමුඛ නිලධාරීන්, ආර්යන් ඛාන් ට එරෙහිව චෝදනා ගොනු කළේ ආර්යන් ඛාන්ගේ වට්ස්අප් ගිණුමේ තොරතුරු අනුවය. මහේස්ත්‍රාත් අධිකරණය මගින් දෙවරක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, ආර්යන් ඛාන්ට දින 28 කට පසු ඇප ලබා දුන්නේ මුම්බායි මහාධිකරණයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd