ජී-20 සමුළුවේ පළමු දිනයේදී ලෝකය මුහුණ දෙන ප්‍රධාන ආර්ථික සහ මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.
එමෙන්ම දේශගුණික විපර්යාස කෙරෙහි ද මෙහිදි වැඩි අවධානයක් යොමු වූ අතර ඉරානය සම්බන්ධයෙන් ඇති වී තිබෙන නොසන්සුන්තාව කෙරෙහි ද ජී-20 ලෝක නායකයන්ගේ අවධානය යොමු විය.
ගෝලීය ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 85% කට හිමිකම් කියන ජී-20 කණ්ඩායමේ රටවල් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට හිමිකම් කියයි.
‘ජී-20’ හෙවත් ‘20 දෙනාගේ කණ්ඩායම’ ට ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 19 ක රාජ්‍ය නායකයන්, මහ බැංකු අධිපතිවරුන් සහ යුරෝපා සංගමය ඇතුළත්ය.
ඊට අමතරව මෙවර සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මුණ ගැසෙන්නේ කවුදැයි කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වී තිබේ.
ඔසාකාහි පැවැත්වෙන සමුළුවට ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාර්සි, ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සරානෝ, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, චීන ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්, ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ, ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්, මෙක්සිකෝව වෙනුවෙන් එරට විදේශ ඇමැති මාසෙලෝ එඞ්රාඩ්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්ෆෝසා, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් නව අගමැතිවරයකු පත්වන තෙක් ධුරයේ කටයුතු කරන අගමැතිනී තෙරේසා මේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුවට සහභාගී වෙති.
ජපාන අගමැති ෂෙන්සෝ අබේ ද සමුළුවට සහභාගී වෙයි. මෙවර සමුළුවේ සත්කාරකරු ජපානය හෙයින්, සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද ජපාන අගමැති අබේ විසිනි. ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් එහි සභාපති ජෝන් ක්ලෝද් ජන්කර් සමුළුවට සහභාගී වෙයි.
මෙවර ‘ජී-20’ සමුළුවේදී ප්‍රධාන තේමාව වන්නේ ‘මානුෂීයමය අනාගත සමාජයක් ගොඩනැගීම’ යන්නය.
ආයෝජන කටයුතු, නව්‍යකරණය, ත්‍රස්තවාදය පිටුදැකීම, පරිසරය සහ බලශක්ති පිළිබඳ කටයුතු, සංවර්ධනය, කාන්තාවන් වෙනුවෙන් වැඩි තැනක් දීම සහ සෞඛ්‍ය යනාදී මාතෘකා සම්බන්ධයෙන් ද මෙවර සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි
(055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආර්ථිකය ගැන ජී-20 සමුළුවේ වැඩි අවධානයක්