
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන් අතරේ බෙදී ගියේය.
දේශපාලන ආයතන අතර සබඳතා ගොඩනඟා ගනිමින් ආර්ථික සංවර්ධනය අඛණ්ඩව, දීර්ඝකාලීනව සාර්ථකත්වයට පත් කර ගන්නා ආකාරය ගැන ඔවුන් කළ අධ්‍යයනයන් හා ඉන් හෙළිදරවු කරගෙන ලොවට දායාද කළ නව න්‍යායාත්මක දැනුම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය ඔවුන් තිදෙනාට පිරිනැමීමට නොබෙල් සම්මාන ප්‍රදාන කමිටුව විසින් තීරණය කරනු ලැබීය.
ඩේරියන් ආසේමෝගුලුස් හා සයිමන් ජොන්සන් යන දෙදෙනා මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරුන් වන අතර ජේම්ස් ඒ. රොබින්සන් චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.
රටවල් ධනවත් රටවල් වී ඇත්තේත්, දිළිඳු රටවල් වී ඇත්තේත් කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, රටක සංවර්ධනය සඳහා සමාජයික ආයතනවල ඇති වැදගත්කම පෙන්වාදීම පිළිබඳ කළ මෙහෙවර ඇගැයීමට ලක් කරමින්, ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන්ට මෙවර ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග පිරිනමන බව නොබෙල් කමිටුව පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
198
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
Nilantha Tuesday, 15 October 2024 07:19 AM
ලංකාවේ ආර්ථිකය හැසිරවීම අනුව 2029ට පෙර මාලිමා කණ්ඩායම ඔය තෑග්ගට හිමිකම් කියාවි කියලා අපේක්ෂා කරමු...
Shantha Tuesday, 15 October 2024 03:24 PM
හපොයි, මම හිතුවේ මේ සැරේ බන්දුලට හම්බවෙයි කියලා.