ආර්ජන්ටිනාවේ හිටපු ජනපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩර්ස්ට අයත් ඇමරිකන් ඩොලර් මිලියන 633ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 95000) වත්කම් රාජසන්තක කරන්නැයි එරට අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හිටපු ජනපතිනියට එරෙහිව දූෂණ වංචා චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවැති විමර්ශන වලින් පසු අධිකරණය එම නියෝගය ලබාදී ඇත.

නමුත් හිටපු ජනපතිනිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.