ඉරාන රජයට එරෙහිව පනවා තිබු ආර්ථික සම්බාධක ඉවත්කිරීමත් සමඟම උදාවී ඇති නව වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව පිළිබඳව අලුතින් සාකච්ඡා කිරීමට දෙරටම යුහුසුළුවන බව චීනයේ ෂැන්හයි ඩේලි පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති නිවේදනයක් හුවා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ " ශ්‍රී ලංකාව වෙත නැවත වතාවක් ඉන්ධන සැපයීම පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා ඉහළ මට්ටමේ දුත පිරිසක් ඉරානයෙසිට පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත" බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහමඩ් සඊරි අමිරානි පවසා ඇත්තේ සම්බාධක ඉවත්කිරීමෙන් පසුව යලිත් වරක් ශ්‍රී ලංකාවත් ඉරානයත් අතර දිගු කාලයක පටන් පැවති ද්විපාර්ශ්වික සබඳතාවයන් තව තවත් වර්ධනය කරගැනීම සඳහා උපරීම උත්සාහයක් ගැනීමට ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරන බවය.
2011 සහ 2012 වර්ෂයන්හිදී දෙරට අතර ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුතු වෙළභෙළඳාම් සිදුවූ බවද ඉදිරියේදී ඉරානය ශ්‍රී ලංකාව වෙත බොරතෙල් හා භූමි වායුවෙන් ලබා ගන්නා ද්‍රව්‍ය, ඖෂධ වර්ග, නවීන වෛද්‍ය උපකරණ, නවීන කෘෂිකාර්මික උපකරණ, පොහොර වර්ග සහ තාර වර්ග සැපයීමටද බලාපොරොත්තු වන බවද තානාපති වරයා පවසා ඇත.
ශ්‍රී ලංකාවත් ඉරානයත් අතර තානාපති සම්බන්ධතා ආරම්භ කෙරුනේ 1961 දීසිරිමාවෝ බණ්ඩාරනායක රජය මඟිනි. කොළඹ ඉරාන තානාපති කාර්යාලයක් විවෘත කෙරුනේ 1975 දිය. උමා ඔය ව්‍යාපෘතිය, තෙල් පිරිපහදු ව්‍යාපෘති සහ ග්‍රාමීය විදුලි බල ව්‍යාපෘති සඳහා ඉරානය ආධාර ලබාදෙයි. මෙතුලින් ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදෙන ප්‍රමුඛ රටක් ලෙසට ඉරානය පත්වී ඇත. ඉරානය ශ්‍රී ලංකාවේ තේ මිලදීගන්නා ප්‍රධාන රටක් ද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන තෙල් සහ අපගේ තේ ගනුදෙනුව යළි පණගන්වමු! මේ තුළින් රටට විශාල වාසියක් ගොඩ නගාගන්න පුළුවන්. (අ)
ඉරාන තෙල් සහ අපගේ තේ ගනුදෙනුව යළි පණගන්වමු! මේ තුළින් රටට විශාල වාසියක් ගොඩ නගාගන්න පුළුවන්. (නි)