
අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ ආමේනියාවේ, යෙරෙවාන් අගනුවර සුර්වාන් වෙළෙඳපොළේ මහා පිපිරීමක් සිදුවිය.
පිපිරීම සිදුවූයේ ගිනිකෙළි වෙළෙඳසැලක සිදුවුණු විදුලිය කාන්දුවක් නිසා යැයි සැක කෙරේ. පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් තිදෙනකු මියගිය අතර, ගිණිකෙළි වෙළෙඳසැල සහ ඒ අවට වෙළෙඳසැල් පිපිරිමට හසුවී බිමට සමතලා වූ බව පැවැසෙයි. පිපිරුමෙන් තුවාල ලැබූ ගණන 40 කට ආසන්න යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිපිරුමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 200 දෙනකු යෙදවිණි. බිමට සමතලා වූ ගොඩනැගිලි යට සිරවුණු පිරිස් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ලහිලහියේ සිදුවෙමින් පවතී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd