වෙනිසියුලාවට මානුෂීය ආධාර රැගෙන එන එක්සත් ජනපද හමුදා ගුවන් යානා කොලොම්බායානු දේශසීමාවේ ඇති කොකූටා නගරයට පැමිණ තිබේ.

පසුගිය මාසයේ දී අන්තර්වාර ජනාධිපති ධූරයට පත් ජුවන් ග්වායිඩෝ මහතා විසින් සිදුකළ ඉල්ලීමට අනුව ආධාර තොග රැගෙන එන ලදි.

කෙසේවෙතත්, ජනාධිපති නිකලොස් මදුරෝ මහතා පවසන්නේ මෙලෙස ආධාර ලබාදීම එක්සත් ජනපද කුමන්ත්‍රණයක් බවයි.

වෙනිසියුලානු ස්වෙච්ඡා සේවකයන් විසින් පෙබරවාරි 23 වැනි දා ආධාර දේශසීමාව හරහා රැගෙන යන බව විපක්ෂනායකවරයා පවසයි.

(බීබීසී ඇසුරෙනි)

(28535)