ප‍්‍රංශයේ පැරිස් නුවර පොන්ට් ඩේ ආර්ට්ස් පාලමේ අත්වාරුවට ඉබියතුරු සවිකිරීමේ සම්ප‍්‍රදායට නැවතීමේ තිත තැබීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.

මෙය පැරිසියට පැමිණෙන සංචාරකයින්, විශේෂයෙන් ආදරවන්තයින් අනිවාර්යයෙන්ම අනුගමනය කරන සිරිතක් බවට පත්ව තිබුණු අතර පාලමේ අත්වැට මත ඉබියතුරු සවිකිරීමෙන් තමන්ගේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, මිත‍්‍ර සම්බන්ධතා සදාකල් පවතින බව ඔවුහු සංකේතවත් කළහ. ඉබියතුරු සවිකිරීමෙන් අනතුරුව ඔවුන් යතුරු විසි කළේ පහළින් ගලායන ගංගාවටය.

පොන්ට් ඩේ ආර්ට්ස් පාලම පැරිසියේ ප‍්‍රකට අයිෆල් කුළුණ මත යොමුවන මාර්ගයේ පිහිටා ඇති අතර එනිසාවෙන්ම මෙය සංචාරකයින්ගේ අවධානයට හසුවන්නේ නිතැතින්මය.

පාලම තනා ඇත්තේ නැපෝලියන් අධිරාජ්‍යය සමයේ වන අතර ආදරය හා මිත‍්‍ර සම්බන්ධතා සංකේතවත් කරනු වස් පාලමේ අත්වැට මත ඉබියතුරු සවිකිරීමේ සම්ප‍්‍රදායේ ආරම්භය පළමු ලෝක යුද සමයේ සර්බියානු යුවළකගේ ආදර කතාවක් දක්වා දිවයන බව සදහන්වේ.

ඉබියතුරු සවිකිරීමේ සම්ප‍්‍රදාය නැවතීමෙන් නොනැවතී දැනට සවිකර ඇති ඉබියතුරු ඉවත් කිරීමේ කටයුතු දියත් කිරීමටද පැරිස් නුවර බළධාරීන් පියවර ගෙන තිබේ.ඔවුන් පවසන ආකාරයට මෙසේ කටයුතු කිරීමට හේතුව ඉබියතුරු වල බර පාලමට දැරිය නොහැකි තත්ත්වයට පත්ව තිබීමයි.

මේ නිසාම පාලමේ කැබලි ගැලවී වැටී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එක් අවස්ථාවක මුළු පාලම වසා දමා සම්පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් සිදුකිරීමටද සිදුව තිබේ.

දැනට ඉබියතුරු ලක්ෂ 7 ක් පමණ පාලම් අත්වාරුවේ සවිකර තිබෙන බව සඳහන්ය.

පැරිසිය ආදරවන්තයින්ගේ පාරාදීසය වුවද,එය ප‍්‍රංශ ජාතිකයින් ලෙස තමන්ට මහත් ගෞරවයක් වුවද,ආදරය සංකේතවත් කිරීමට නම් පාලමක් මත ඉබියතුරු සවිකරනවාට වඩා වෙනත් දෙයක් සිදුකිරීමට පැරිසියේ  ඕනෑ තරම් අවස්ථා තිබෙන බව නගර බලධාරීන්ගේ අදහසයි.

2940AF0900000578-3106110-Last_summer_one_of_the_metal_grilles_fell_into_the_river_after_t-m-64_1433178413448 2940AFBC00000578-3106110-Passersby_snap_the_truck_full_of_locks_as_more_than_700_000_are_-a-40_1433178018797 2940AFED00000578-3106110-Each_of_the_padlocks_were_added_by_a_couple_or_a_romantic_and_is-m-109_1433179960713 2940B28700000578-3106110-The_move_comes_over_fears_that_the_sheer_weight_of_the_padlocks_-a-45_1433178019418 2940B41600000578-3106110-image-a-70_1433178476077 29418FF200000578-3106110-image-m-113_1433179997685