IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ආදරවන්තයන්ට එල්ලන්න තැනක් නැතිවේ

ප‍්‍රංශයේ පැරිස් නුවර පොන්ට් ඩේ ආර්ට්ස් පාලමේ අත්වාරුවට ඉබියතුරු සවිකිරීමේ සම්ප‍්‍රදායට නැවතීමේ තිත තැබීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.

මෙය පැරිසියට පැමිණෙන සංචාරකයින්, විශේෂයෙන් ආදරවන්තයින් අනිවාර්යයෙන්ම අනුගමනය කරන සිරිතක් බවට පත්ව තිබුණු අතර පාලමේ අත්වැට මත ඉබියතුරු සවිකිරීමෙන් තමන්ගේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, මිත‍්‍ර සම්බන්ධතා සදාකල් පවතින බව ඔවුහු සංකේතවත් කළහ. ඉබියතුරු සවිකිරීමෙන් අනතුරුව ඔවුන් යතුරු විසි කළේ පහළින් ගලායන ගංගාවටය.

පොන්ට් ඩේ ආර්ට්ස් පාලම පැරිසියේ ප‍්‍රකට අයිෆල් කුළුණ මත යොමුවන මාර්ගයේ පිහිටා ඇති අතර එනිසාවෙන්ම මෙය සංචාරකයින්ගේ අවධානයට හසුවන්නේ නිතැතින්මය.

පාලම තනා ඇත්තේ නැපෝලියන් අධිරාජ්‍යය සමයේ වන අතර ආදරය හා මිත‍්‍ර සම්බන්ධතා සංකේතවත් කරනු වස් පාලමේ අත්වැට මත ඉබියතුරු සවිකිරීමේ සම්ප‍්‍රදායේ ආරම්භය පළමු ලෝක යුද සමයේ සර්බියානු යුවළකගේ ආදර කතාවක් දක්වා දිවයන බව සදහන්වේ.

ඉබියතුරු සවිකිරීමේ සම්ප‍්‍රදාය නැවතීමෙන් නොනැවතී දැනට සවිකර ඇති ඉබියතුරු ඉවත් කිරීමේ කටයුතු දියත් කිරීමටද පැරිස් නුවර බළධාරීන් පියවර ගෙන තිබේ.ඔවුන් පවසන ආකාරයට මෙසේ කටයුතු කිරීමට හේතුව ඉබියතුරු වල බර පාලමට දැරිය නොහැකි තත්ත්වයට පත්ව තිබීමයි.

මේ නිසාම පාලමේ කැබලි ගැලවී වැටී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එක් අවස්ථාවක මුළු පාලම වසා දමා සම්පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් සිදුකිරීමටද සිදුව තිබේ.

දැනට ඉබියතුරු ලක්ෂ 7 ක් පමණ පාලම් අත්වාරුවේ සවිකර තිබෙන බව සඳහන්ය.

පැරිසිය ආදරවන්තයින්ගේ පාරාදීසය වුවද,එය ප‍්‍රංශ ජාතිකයින් ලෙස තමන්ට මහත් ගෞරවයක් වුවද,ආදරය සංකේතවත් කිරීමට නම් පාලමක් මත ඉබියතුරු සවිකරනවාට වඩා වෙනත් දෙයක් සිදුකිරීමට පැරිසියේ  ඕනෑ තරම් අවස්ථා තිබෙන බව නගර බලධාරීන්ගේ අදහසයි.

2940AF0900000578-3106110-Last_summer_one_of_the_metal_grilles_fell_into_the_river_after_t-m-64_1433178413448 2940AFBC00000578-3106110-Passersby_snap_the_truck_full_of_locks_as_more_than_700_000_are_-a-40_1433178018797 2940AFED00000578-3106110-Each_of_the_padlocks_were_added_by_a_couple_or_a_romantic_and_is-m-109_1433179960713 2940B28700000578-3106110-The_move_comes_over_fears_that_the_sheer_weight_of_the_padlocks_-a-45_1433178019418 2940B41600000578-3106110-image-a-70_1433178476077 29418FF200000578-3106110-image-m-113_1433179997685



අදහස් (0)

ආදරවන්තයන්ට එල්ලන්න තැනක් නැතිවේ

අරුණ Tuesday, 02 June 2015 01:32 PM

දික්කසාද උනාම යතුර හොයාගන්නේ කොහොමද දන්නේ නැහැ (නදී)

:       0       0

නුවන් Thursday, 04 June 2015 04:32 AM

"මෝඩ වැඩ කරන්නේ කිලෝ ගණන් වලින්" කියමන ඔප්පු කරන්න හොඳ උදාහරණයක්. (බ)

:       0       0

පී.යෝගනාදන් Wednesday, 03 June 2015 02:13 PM

ඉබි යතුරවල ආදරය රඳා පවතින බව සිතීම ශිෂ්ට සම්පන්න සිතුවිල්ලක්ද? දියුණු ජාතිය යයි කීම කොතරම් නිවැරදිද? (බ)

:       0       0

කමල් Tuesday, 02 June 2015 02:44 PM

අරුණ, යතුරක් නම් කැපුවා කියමුකෝ. ඒත් ඉබ්බා? (නි)

:       0       0

යාපා Wednesday, 03 June 2015 03:11 PM

ආදරය සදාතනිකයි (නි)

:       0       0

නිහාල් Tuesday, 02 June 2015 07:12 PM

අයියෝ පවු! (නි)

:       0       0

කිංස්ලි Tuesday, 02 June 2015 08:26 AM

රාහු අපල සෙනසුරු දොස් මේවා මිත්‍යාවන් (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 June 2015 08:48 AM

මොන සල්ලි කන්දරාවක්ද ? (නදී)

:       0       0

මුතු Wednesday, 03 June 2015 01:38 AM

මේ වගේ පාලමක් මෙහෙත් තිබ්බා නම් චීනා ගොඩ. (නදී)

:       0       0

සලිව Tuesday, 02 June 2015 12:26 PM

මෙවැනි එකක් මෙල්බන් වලත් ඇති අතර එයත් ගැලවීමට තීරණය කර ඇත. (ර)

:       0       0

ස්වර්නා මන්ඩාවල Wednesday, 03 June 2015 12:23 PM

ආදර වන්ත්තයන් ගේ දිනය දවසේ මගේ යාලුවෙක් එයාගේ මහත්තයත් එක්ක ඔය තැනට ගොස් ඉබි යතුරක් එල්ලුවා ඊට‍ සතියකට පස්සේ ඒ දෙන්න ඩිවෝස් උනානේ .(කේ)

:       0       0

ෆර්නැන්ඩෝ - පැරිස් Tuesday, 02 June 2015 01:19 PM

පිස්සන්ගේ පිස්සු වැඩ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site