
නව රජයක් සහ නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීමට නොහැකි වීමත් සමඟ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අර්බුදයකට මුහුණ දී සිටී.
මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පසුගිය ජූලි මාසයේ හදිසි මැතිවරණයක් පැවැත්වීය. ඒ, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් යුරෝපා පාර්ලිමේන්තුවේ බලය වැඩි කර ගැනීම සමඟය.
මැක්රොන්ට අවශ්‍ය වූයේ ප්‍රංශයේ දක්ෂිණාංශික බලය ව්‍යාප්තවීම අඩු කර ගැනීමටය.
කෙසේ නමුත් මැතිවරණයේ දෙවැනි සහ අවසන් වටයෙන්, සන්ධානගතව සිටි දක්ෂිණාංශින නොවන සෙසු දේශපාලන කණ්ඩායම් සහ වාමාංශික දේශපාලන කණ්ඩායම්වලට වැඩි වාසි අත්විය.
එසේ වාසි අත්වුවත්, මැතිවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම්වලට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වී ඇති බැවින්, රජයක් පිහිටුවීම ගැටලුක් බව පැවැසෙයි.
මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරීන්ට ද බහුතරයක් හිමි නොවුණු බැවින් ඔවුන්ට ද තනිවම රජයක් පිහිටුවිය නොහැකිය. ඒ අනුව, නව රජයක් පිහිටුවීමේ අරමුණින්, මැක්රොන්, සෙසු පක්ෂ නායකයන් සමඟ මැක්රොන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවක් පිහිටුවා ගන්න විදියක් නෑ