
පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ආජන්ටිනාවට කඩා වැදුණි. සුළි කුණාටුවෙන් හානි සිදුවූයේ බහියා බ්ලන්කා වරාය නගරයටය.
නිවාස රැසකට හානි සිදුවිය. අයහපත් කාලගුණය හේතුවෙන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපැයුමට බාධා එල්ල වී තිබේ.
සුළි කුණාටුවෙන් විපතට පත්වුණු වැසියන්ට වහා අවශ්‍ය ආධාර ලබා දෙන්නැයි ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd