ආජන්ටිනාවට රික්ටර් මාපක 6.7ක විශාලත්වයකින් යුත් භුමිකම්පාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.චිලී හා ආජන්ටිනා දේශසීමාව අසල මෙම භුමිකම්පාව සිදුවී ඇත.

සති දෙකක් තුළ සිදු වූ දෙවැනි භුමිකම්පාව මෙය බවත් එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 115ක් පමණ පහළින් සිදු ව ඇති බවත් ඇමෙරිකා භූ විද්යා සමීක්ෂණ ආයතනය පවසයි.

රික්ටර් මාපක 6.4 විශාල හානියක් සිදුවීමට ප්‍රමාණවත් බවත් එය පොළොව අභ්‍යන්තරයේ සිදු වූ නිසා හානිය අවම වූ බවත් කියයි.

මේ වන තෙක් ජීවිත හානි වාර්තා වී නැති අතර දේපල හානි ගණනය කර නොමැති බව වාර්තා වෙයි.ප්‍රබල ලෙස ගොඩනැගිලි සෙලවීමත් සමග ප්‍රදේශවාසීන් කලබල වූ බවත් බොහෝ වේලාවක් ඔවුන් නිවෙස් වලින් පිටතට වී සිටි බවත් මාධ්‍ය පවසයි.චිලී නාවික හමුදාව සුනාමි අවදානම ඉවත් කළේය.

චිලී දේශයට මැතකදී බලපෑ විශාලතම භුමිකම්පාව 2010 දී රික්ටර් මාපක 8.8ක විශාලත්වයකින් වාර්තා වූ අතර එහිදි සුනාමි තත්ත්වයක්ද ඇතිවිය.ඉන් 500 දෙනක් පමණ මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.