IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආජන්ටිනාවට භූමිකම්පාවක්

ආජන්ටිනාවට රික්ටර් මාපක 6.7ක විශාලත්වයකින් යුත් භුමිකම්පාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.චිලී හා ආජන්ටිනා දේශසීමාව අසල මෙම භුමිකම්පාව සිදුවී ඇත.

සති දෙකක් තුළ සිදු වූ දෙවැනි භුමිකම්පාව මෙය බවත් එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 115ක් පමණ පහළින් සිදු ව ඇති බවත් ඇමෙරිකා භූ විද්යා සමීක්ෂණ ආයතනය පවසයි.

රික්ටර් මාපක 6.4 විශාල හානියක් සිදුවීමට ප්‍රමාණවත් බවත් එය පොළොව අභ්‍යන්තරයේ සිදු වූ නිසා හානිය අවම වූ බවත් කියයි.

මේ වන තෙක් ජීවිත හානි වාර්තා වී නැති අතර දේපල හානි ගණනය කර නොමැති බව වාර්තා වෙයි.ප්‍රබල ලෙස ගොඩනැගිලි සෙලවීමත් සමග ප්‍රදේශවාසීන් කලබල වූ බවත් බොහෝ වේලාවක් ඔවුන් නිවෙස් වලින් පිටතට වී සිටි බවත් මාධ්‍ය පවසයි.චිලී නාවික හමුදාව සුනාමි අවදානම ඉවත් කළේය.

චිලී දේශයට මැතකදී බලපෑ විශාලතම භුමිකම්පාව 2010 දී රික්ටර් මාපක 8.8ක විශාලත්වයකින් වාර්තා වූ අතර එහිදි සුනාමි තත්ත්වයක්ද ඇතිවිය.ඉන් 500 දෙනක් පමණ මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.



අදහස් (0)

ආජන්ටිනාවට භූමිකම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site