බදු වංචාවක් සම්බන්ධයෙන් ආජන්ටිනාවේ හා බාර්සිලෝනාවේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට මාස 21ක සිරදඬුවමක් පැනවූ බව ස්පාඤ්ඤය කියයි.

ඔහු ද ඔහුගේ පියා ද බදු වංචාව සම්බන්ධයෙන් බාර්සිලෝනා උසාවියේ විත්තිකරුවෝ වූහ.

ලයනල් මෙසී නඩු විභාගයයේ දී කියා සිටියේ තමා මුදල් පාලනය පිළිබඳව කිසිවක් නොදැන සිටි බවයි.

‘මම ෆුට්බෝල් ගැහුවා පමණයි.‘

ඔහුගේ පියා වන ජෝර්ජ් මෙසීට ද සිර දඬුවම් නියම විය.

2007 සහ 2009 දී යුරෝ මිලියන 4.1ක් (රුපියල් කෝටි හයක් පමණ ) වංචා කළැයි පියාට එරෙහිව චෝදනා නගා ඇත.

ඔවුන්ගේ ආදායම් බෙලීස් සහ උරුගුවේ යන රටවල සැඟවීයැයි තවත් යුරෝ මිලියන ගණනක දඩයක් ඔවුනට නියම වීමට නියමිතය.

ස්පාඤ්ඤ නීතිය අනුව සිර දඬුවම  පරිවාස කාලයක් සේ ගත කළ හැකිය.

proxy