
ඉන්දියාවේ පූරි හී පැවැති "රත් යාත්‍රාව" ආගමික උත්සවය අතරතුර හටගත් තෙරපීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුරින් තවත් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
දේව ප්‍රතිමා රැගත් යාත්‍රාව ආරම්භ වූ ඉන්දියාවේ ජගන්තාත් දේවාලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි දේවාලයක් අසලදි මෙම අනතුර සිදුවී ඇත.
යාත්‍රාව ආරම්භ වූ අවස්ථාවේදී, කෙමෙන් කෙමෙන් බැතිමතුන් වැඩි වෙද්දී තෙරපීම සිදුව ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd