2015 දෙසැම්බර් මාසයේ කෙන්යාවේ බස් රියකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් අතරතුර ක්‍රිස්තියානි ආගමිකයන් පිරිසක් බේරාගත් ස්ලාම් ආගමිකයකු එරට ජනපති ඇගයීමට ලක් කළේය.
2015 දෙසැම්බර් මස මැන්ඩෙරා සිට නයිරෝබි බලා ගමන්ගත් බස් රියකට අල්-ශබාබ් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය.
බස් රියේ වැඩිපුරම සිට ඇත්තේ ක්‍රිස්තියානි ආගමිකයන්ය. සලාහ් ෆාරාහ් නම් ස්ලාම් ආගමික ගුරුවරයා තම දිවි දෙවැනි කොට තමා කිසි දිනක නොහදුනන මේ පිරිස බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා තිබේ.
ආගම් බේදයයෙන් උවම් වූ ත්‍රස්තවාදය හමුවේ තම ආගමෙවත් නොවන පිරිසක් ඔහු විසින් ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගනු ලැබූහ.
ජීවිත ගණනක් බේරූ ඔහු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය.ඒ දරුවන් සිව් දෙනෙකු සමග ගැබිණි බිරිඳ මෙලොව තනිකරමිනි.
එම සිදුවීම වී මාස කිහිපයකට පසු ෆරාහ් සිදු කළ එඩිතර විශිෂ්ඨ ක්රියාව අගයමින් කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා කෙන්යාවේ ශ්‍රේෂ්ඨ රණශූර ගෞරව සම්මානය ඔහු වෙනුවෙන් පුද කළේය..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය සහ මොහු නිසා ජිවිත බේරාගත් මිනිසුන් මේ පව්ලට ජිවත් වෙන්න උදව්කරන්න ඕනේ. එසේ නොකරනවානම්, එය විශාල ගුණමකුකමක් (රේ)
අන්ධ භක්තියෙන් තොරව පිරිසිදු ආගමක් අැදහූ උතුම් මිනිසාට මගේ ප්‍රණාමය! (නි)
මේ වගේ අවස්ථාවකදී තමන්ගේ ජීවිතය ගැනවත් නොසලකා ජාති ආගම් කුලමල ලිංග භේදවලින් තොරව කටයුතු කරන්න මේක අනිත් අයට ලොකු ආදර්ශයක්ම වේවා. (කෞ)