මියන්මාරයේ සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළැයි එරට හමුදා භටයින් හත් දෙනෙකු බරපතල වැඩ සහිතව වසර පහකට බන්ධනාගාරගත කර තිබේ.
මිය ගිය අයගේ ශරීර තියුණු කැපුම් තුවාල සහිතව සොයාගැනුණු අතර ඔවුන්ගේ පවුලේ අයගේ දැඩි ඉල්ලීම් මත එම ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි. යුධ අධිකරණයක විභාග කෙරුණු එම නඩුවේ විත්තිකාර හමුදා භටයින්ගෙන් සිව් දෙනෙකු හමුදාවේ නිලධාරීන් බවද අනාවරණය වී ඇත.
එම තීන්දුවෙන් බොහෝ පිරිස් පුදුමයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නඩුව එරට හමුදා අධිකරණ ස්වාධීනත්වයේ දුර්ලබ අවස්ථාවක් බවට සදහන් වේ.සුළු ජාතින් සහ හමුදා අතර ඇතිවෙන ගැටුම් වලින් මේ ආකාරයෙන් මිය යන සහ වධ හිංසාවට ලක්වෙන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව ඉතා වැඩි බැව් අනාවරණය වී තිබේ.
හමුදා තමන්ගේ කෘරත්වය පිළිගැනීම තමන්ගේ පුදුමයට හේතු වූ බව එරට වැසියෝ පවසති.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අහිංසකයන් මැරූ මියන්මාර හමුදාවේ හත්දෙනෙක් හිරගෙට
ඩිල්ෂාන් Saturday, 17 September 2016 02:23 PM
එහෙත් හමුදාව දංගෙඩියට දක්කන්න පටන් අරගෙන වගෙයි (නි)
හර්ෂ Monday, 19 September 2016 05:04 AM
හමුදාව කරන වැරදි වලට දෙගුණයක් දඬුවම් දෙන්න ඕන. මොකද හමුදාව ඉන්නේ මිනිස්සු ආරක්ෂා කරන්න. මිනි මරන්න නෙමේ.(හේ)
ආනන්ද.සෙනෙවිරත්න Monday, 19 September 2016 06:47 AM
අනේ පව් දේශ ප්‍රේමින් හිරේ දානවද (බ)