අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹීම සඳහා එකඟ වූ බව දෙරටේ විදේශ අමාත්‍යවරු පවසති.
එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා සමඟ දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දුරකථනයෙන් ඊයේ සාකච්ඡා කිරීමෙන් පසු මේ බව නිවේදනය කෙරිණි.
මෙය සිරකරුවන් හුවමාරු කර ගැනීම වැනි මානුෂීය අරමුණු මත පදනම් වන බව එම අමාත්‍යවරු සඳහන් කරති.
නාගොර්නෝ-කර්බක් ප්‍රදේශයේ පැවති ගැටුම් හමුවේ රුසියාවේ මැදිහත් වීමෙන් පසුගිය 10 වැනිදා සිට සටන් විරාමයකට එළඹුණ ද නැවතත් ගැටුම් ඇතිවීම හමුවේ මෙම නව සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරිණි.
කෙසේ වෙතත් අසර්බයිජානයේ දෙවැනි විශාලතම නගරය වන ගන්ජා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගිය බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
එම ප්‍රහාරය එල්ල වූ දිනයේදීම අසර්බයිජානයේ ආරක්ෂක අංශ නාගොර්නෝ-කර්බක්හි ප්‍රධාන නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ආමේනියාව පවසයි.
මෙම තත්ත්වය හමුවේ අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා ආමේනියාව යුද අපරාධ කළ බවට චෝදනා කළ අතර ඊට පළිගන්නා බවට ද ප්‍රතිඥා දුන්නේය.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1745
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹෙයි