IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අසර්බයිජානය ආමේනියාව ගැටේ

අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශසීමා ගැටුම් ඇවිලෙමින් පවතින බවත්, අසර්බයිජාන හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ආමේනියානු සොල්දාදුවන් 45 දෙනකු මියගිය බවත් වාර්තා වේ.

ආමේනියානු අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසා ඇත්තේ දේශසීමාවේ සිදුවුණු අවි ගැටුම් හේතුවෙන් තම සොල්දාදුවන් 45 දෙනකු මියගොස් තවත් 60 දෙනකු පමණ තුවාල ලබා සිටින බවය. ගැටුම් හටගෙන ඇත්තේ අසර්බයිජානය මෙන්ම ආමේනියාව ද අයිතිය ඉල්ලන නාගෝර්නෝ-කරබාක් පළාත මුල්කොට ගනිමිනි.

අසර්බයිජාන හමුදාව, ආමේනියානු හමුදාව ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව ද අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසා තිබේ.

නාගෝර්නෝ-කරබාක් පළාත මුල්කොට ගනිමින් අසර්බයිජානය සහ ආමේනියාව අතර මීට පෙර ද දේශසීමා ගැටුම් පැවැතිණි. එම ගැටුම් සමතයකට පත් වූයේ රුසියාවේ මැදිහත් වීමෙනි.

අසර්බයිජානය තමන්ට සිදු කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු යැයි ද ආමේනියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත. ආමේනියාව පිහිටා ඇත්තේ තුර්කියට ඉහළිනි. අසර්බයිජානය පිහිටා ඇත්තේ ඉරානයට ඉහළිනි.

(රොයිටර්)



අදහස් (0)

අසර්බයිජානය ආමේනියාව ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site